Print this Article


ත්‍රිපිටක ධර්ම සජ්ඣායනා සති මහා පින්කම් මාලාව

ත්‍රිපිටක ධර්ම සජ්ඣායනා සති මහා පින්කම් මාලාව

මාවනැල්ල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ත්‍රිපිටක ධර්ම සභාව මගින් සංවිධානය කරනු ලබන මෙම පින්කම් මාලාව ජුනි 07 දින සිට 14 දින දක්වා මාවනැල්ල භාවනා මධ්‍යස්ථානයේදි සිදුකෙරේ.

ත්‍රිපිටක ධර්ම කොටස් සජ්ඣායනා කිරීම දිනපතා උදේ, දහවල්, සවස මහා මුළුතැන් බුද්ධ පූජාව සවස 6.00 ට විශේෂ ධර්ම දේශනා විදුලි ආලෝක පූජා ඇතුළු පින්කම් රැසක් මෙහිදී පැවැත්වේ. ත්‍රිපිටක රිදී පොත් වහන්සේ වැඩමවන අසිරිමත් පෙරහර ආරම්භක දිනයේදී පැවැත්වේ. භාවනා මධ්‍යස්ථානාධිපති, පහතබුලත්ගම තුන්කෝරළය සහිත සතර කෝළර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය කහගල්ලේ අරියඤාණ නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම් මාලාව පැවැත්වේ.