Print this Article


බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ “බුදුවරු සහ බෝසත්වරු” ග්‍රන්ථය එළිදැක්වීම

 බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ “බුදුවරු සහ බෝසත්වරු” ග්‍රන්ථය එළිදැක්වීම

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචිත” බුදුවරු සහ බෝසත්වරු” යන නවතම කෘතිය එළිදැක්වීමේ උත්සවය ජුනි මස 04 වන දින සවස 04.00 ට කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුකෙරේ.

ථේරවාදය හා මහායාන බුදුසමය තුළ බුදුවරුන් සහ බෝසත්වරුන් පිළිබදව දැක්වෙන මතවාදයන් විස්තර වශයෙන් සාකච්ඡා කෙරෙන මෙම ග්‍රන්ථයෙහි සියලුම බෞද්ධ රටවල විවිධ සම්ප්‍රදායන්ට අයත් බුද්ධ ප්‍රතිමා, බෝධිසත්ව ප්‍රතිමා මෙන්ම ඒ හා සම්බන්ධ බෞද්ධ මූර්ති කලාව පිළිබඳව මෙම ග්‍රන්ථයෙහි විශ්ලේෂණයට ලක්කර ඇත.

විද්‍යාලංකාර පරිවේණාධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමි උත්සව සභාවේ මුලසුන හොබවන අතර මුඛ්‍ය දේශනය මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා විසිනි.

කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණී සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු ගිහි පැවිදි විද්වතුන් මෙම උත්සවයට සහභාගි වීමට නියමිතය.