Print this Article


දන්සල්

දන්සල්

කළුතර ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව

පැරැණි ගම්මාන සිරිත අනුව යමින් මෙවර පොසොන් උත්සව සමයේදී ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කළුතර හා රත්මලාන ශාඛා සේවක එකමුතුවෙන් පළමුවරට සංවිධානය කරන හකුරු සමඟ බෙලිමල් වතුර දන්සල ජුනි 2 දා සවස 3.00 සිට කළුතර ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව පරිශ්‍රයේදී අමල් වික්‍රමතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.


පයාගල දළුවත්ත

පයාගල දළුවත්ත තරුණ කැල ප්‍රදේශවාසීන්ගේ ආධාර ඇතිව 03 වන වරටත් සංවිධානය කරන ෆ්‍රයිඩ් රයිස් දන්සල ජුනි 03 වැනි දින සවස 7.00 සිට පයාගල දළුවත්ත මංසන්දියේදී පැවැත්වේ.


මිහින්තලේ සිසිල් පැන් දන්සල

හැව්ලොක්ටවුන්හි ඉසිපතනාරාම මහා විහාරස්ථානයේ විහාරාධිපති පණ්ඩිත, ශාස්ත්‍රපති, කිහිඹියේ විජිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දායක පින්වතුන්ගේ සහයෝගය ඇතිව වසරක් පාසා මිහින්තලා භූමිය තුළ පවත්වන සිසිල් පැන් දන්සල 18 වැනි වරටත් මිහින්තලා පුජාභූමිය තුළදී ජුනි 2 හා 3 දිනවලදී පැවැත්වේ.


බාඳුරාගොඩ

බාඳුරාගොඩ එක්සත් අමද්‍යපාන සංග්‍රහ සමිතිය විසින් 1948 සිට සෑම වර්ෂයකම පවත්වනු ලබන බත් දන්සල 60 වැනි වරටත් ජුනි 01 සහ 02 දිනවල රුවන්වැලි සෑ සමීපයේ ස්වර්ණමාලි මාවතේ දී පෙරවරු 11 සිට පැවැත්වේ. දන්සල ආරම්භ කිරීමට පළමුව ජුනි 01 වැනි උදෑසන සපිරිකර සංඝගත දක්ෂිණාවකි.


වියළි ආහාර බෙදාදීමක්

2015 ජුනි 02 වැනිදා දහසකට පමණ වටිනා වියලි ආහාර පාර්සලයක් බෙදාදීමේ මහ පින්කම 6 වැනි වරටත් නුගේගොඩ එක්සත් කැළ විසින් සංවිධානය කර ඇත. නුගේගොඩ වෙළෙඳ මහතුන් සහ අවට ප්‍රදේශවාසීන්ගේ සම්පූර්ණ සහයෝගයෙන් මෙය පැවැත්වේ.