Print this Article


ධර්ම දානයට බුදුසරණ

ධර්ම දානයට බුදුසරණ

තලාව

තලාව නිව් සිටි හෝටලයේ අධිපති එච්.කේ. ඩී.ඩබ්.එම්. ඒ.කේ. හපුහින්න මහතා ඇතුළු පිරිස විසින් විශ්‍රාමලත් ගම්පති සමරකෝන් ආදරණීය පියාණන්ට ජීව දානයක් වනු පිණිසත් හා මිය පරලොව ගිය චුල්ලවතී මැණිකේ ආදරණීය ගුරු මාතාවට පින් පිණිසත් තලාව නිව් සිටි හෝටලයේ අධිපතිනි දමයන්ති මහත්මියගේ දෙමව්පියන්ට පින් පිණිසත් ධර්ම දානයක් ලෙස බුදුසරණ බෙදා දීම මෙවරත් සිදු කෙරේ.


සාහිත පොත් පියස අනුග්‍රහයෙන්

රූපවාහිනි නිවේදක හා බෞද්ධ ලේඛක ශාස්ත්‍රපති චාමික මුණසිංහ මහතා විසින් ගමින් ගමට යමින් ධර්ම දානය පිණිස මෙහෙවයනු ලබන “පොහොදා දහම් සාකච්ඡා මාලාවේ මෙවර පොසොන් පොහෝදා උදෑසන 9.30 සිට 11.15 දක්වා කළුතර පලාතොට භික්ෂු විවේකාරාමය, පස්වරු 1.00 සිට 3.00 දක්වා හීනටියන්ගල පුරාණ විහාරයේ සහ 3.30 සිට 5.30 දක්වා අගලවත්ත පිබුර බොඩිලයන් ආයතන පරිශ්‍රයේ පැවැත්වේ. මීට සමගාමිව මෙහිදී විජේරාම , නාවින්න “සාහිත පොත් පියස” අනුග්‍රහයෙන් “බුදුසරණ” පොසොන් කලාපය ධර්ම දානය පිණිස නොමිලේ බෙදා දීමට කටයුතු යොදා තිබේ.