Print this Article


ඇසිදිසි පොසොන් පෙළහර - 2015

ඇසිදිසි පොසොන් පෙළහර - 2015

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය තේමාකොට පොසොන් පොහොය දිනට සමගාමීව මේ මස 03 වනදා ජනමාධ්‍ය අමාත්‍යංශයේ සංවිධායකත්වයෙන් “ඇසිදිසි පොසොන් පෙළහර 2015” මැයෙන් උත්සව මාලාවක් එම ආයතන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම පින්කම් මාලාවේ දැහැමි මඟ පෙරටු කර ගනිමින් ශීලයෙහි පිහිටුවා උදේ 9.30 ට ගල්කිස්සේ සෝමානන්ද හිමියන්ගේ ධර්ම දේශනාවක්ද, සිසු දරු දිරිය සත්කාරය මැයෙන් පොල්හේන්ගොඩ මහාමාත්‍ය විද්‍යාලයයේ සිසු දරු දරියන් වෙත කෙරෙන පාසල් උපකරණ හා පොත්පත් ප්‍රධානයද, එදින සවස 4.00 ට දන්සැලක් ද පැවැත්වේ.

එම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සහ අමාත්‍යාංශ ලේකම් කරුණාරත්න පරණවිතාන මහත්වරු ද සහභාගි වන බව සංවිධායක කමිටුව දන්වා සිටියි.