Print this Article


පනස්වන ජයන්තියට සුබ පැතුම්

පනස්වන ජයන්තියට සුබ පැතුම්

“බුදුසරණ” පුවත්පත මෙරට ජාතික ආගමික ප්‍රබෝධයට මඟපෙන්වූ නිර්මාණශීලී පුවත්පතක් බවට පත්වූයේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය වංශ කතාව තුළ තමන්ටම සුවිශේෂ වූ ප්‍රතිරූපයක් අත්කර ගනිමිනි. ජන සිත් සතන්හි ධර්ම ශාස්ත්‍රීය ප්‍රඥා ප්‍රදීපය දැල්වීමේ දී එමඟින් සැලසුණු සේවයට මුළු මහත් බෞද්ධ ලෝකයේම ගෞරවාදරය පිරිනැමේ.

“බුදුසරණ” තුළින් මා හැඟි මෙහෙවරක් සැලකීමේ සද්භාවයටම අතහිත දුන් සැමදෙනෙකුටම මෙම අවස්ථාවේදී පාඨක ප්‍රණාමය හිමිවේ.

පාසල් දරුවන්ගේ සිට මහතෙරවරුන් දක්වා ඉතා පළල් පරාසයක් ඔස්සේ විහිදෙන පාඨක ප්‍රජාවන් තමන් වටා එක් රොක් කරගැනීමට ‘බුදුසරණ’ සමත්වූයේ පූජනීය මහා සංඝරත්නය ප්‍රමුඛ විද්වතුන්ගේ නොමද දායකත්වය මාධ්‍ය ශිල්පීය කුසලතාවයෙන් යුතුව ගොනුකරගැනීමට එය සමත් වූ බැවිනි.

පනස්වන සංවත්සරය එළඹෙන එම මංගල අවස්ථාවේ දී ‘බුදුසරණ’ කර්තෘ මණ්ඩලය ඇතුළු සමස්ත කාර්යය මණ්ඩලය වෙත මාගේ පාඨක සුබ පැතුමද පිරිනමන්නේ පුවත්පත දිගුකල් දිනේවායි ආසිරි සෙත සලසමිනි.