Print this Article


ඉංගිරිය බෝධිනාගල ආරණ්‍යය

ඉංගිරිය බෝධිනාගල ආරණ්‍යය

ඉංගිරිය දොඹගස්කන්ද බෝධිනාගල ආරණ්‍ය සේනාසනයට වසර හැටක් පිරීම නිමිත්තෙන් ජුනි 05,06 දෙදින පුරා පින්කම් රැසක් සිදුකිරීමට විහාරස්ථදායක සභාව කටයුතු සංවිධානය කර ඇත.ආරණ්‍ය සේනාසනාධිපති කළුතර දිස්ත්‍රික් සංඝනායක ලබුගම ආනන්ද ධම්මකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි අභිනවයෙන් ඉදිකරනු ලැබු චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමද මෙහිදී සිදු කෙරේ. ජුනි 02 වෙනිදා චෛත්‍ය රාජයාණන් වහන්සේ තුළ තැන්පත් කෙරෙන සර්වඥ ධාතුන් වහන්සේලා විහාරස්ථානයේ විශේෂ මණ්ඩපයක තැන්පත් කොට ප්‍රදර්ශනය හා වන්දනාමානය සඳහා කටයුතු යොදා ඇත. 05 වෙනි දින සවස 5.00 ට බෝධි පූජාද , සවස 7.00 සිට 8.00 දක්වා උඩුවේ ධම්මාලෝක හිමිපාණන් ගේ දම්දෙසුමද එතැන් පටන් පසුදා පහන්වනතුරු සර්ව රාත්‍රික පරිත්‍රාණ දම් දෙසුමද පැවැත්වේ. ජුනි මස 06 වෙනි දින පෙරවරුවේදි සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව මහානායක ගලගම අත්ථදස්සි මහා නාහිමියන් අතින් චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය වේ. එදින දහවල් මහා සංඝරත්නය හැට නමක් උදෙසා පිරිනැමෙන මහා සංඝගත දක්ෂිණාවකි.