Print this Article


මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් පැවැති දීපව්‍යාප්ත රචනා තරගයේ පළමු තැන මැල්සිරිපුර උස්සාව සිරි ධම්මරතන දහම්පාසලේ චතුමිණි විතංගා රත්නායකට

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් පැවැති

දීපව්‍යාප්ත රචනා තරගයේ පළමු තැන මැල්සිරිපුර උස්සාව සිරි ධම්මරතන දහම්පාසලේ

චතුමිණි විතංගා රත්නායකට

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය නිමිත්තෙන් බුදුසරණ පුවත්පත සංවිධානය කළ දීප ව්‍යාප්ත රචනා තරගයේ ප්‍රථම ස්ථානය මැල්සිරිපුර උස්සාව සිරිධම්ම රතන දහම් පාසලේ ආර්.එම්. චතුමිණි විතංගා රත්නායක ශිෂ්‍යාව හිමිකර ගනී.

එම තරගයේ දෙවන ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ මිහිරි ලක්තිළිණි ලියන ගුණවර්ධන ශිෂ්‍යාවද තෙවන ස්ථානය තුංතොට දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සමරක්කොඩිගේ භාග්‍යා සිතුමිණි සමරක්කොඩි ශිෂ්‍යාවද සිව්වන ස්ථානය මහනුවර ස්වර්ණමාලි බාලිකා මහා විද්‍යාලයේ එම්.ජී. ලහිතා සමන්මලී නිශ්ශංක ශිෂ්‍යාවද පස්වන ස්ථානය ගොකරැල්ල ශ්‍රීමත් විලියම් ගොපල්පව මධ්‍ය මහා විද්‍යාලයේ, ටී.එම්. ලක්ෂාණි දිල්රංගි මැණිකේ තෙන්නකෝන් ශිෂ්‍යාවද, හයවන ස්ථානය අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ඊ.එම්.එම්. සචිනි අනුන්තරා ශිෂ්‍යාවද, හත්වන ස්ථානය යෝගියාන වෑකඩ ධම්ම නිකේතන දහම් පාසලේ ආර්.ඒ. අයෝධ්‍යා රත්නායක, අටවන ස්ථානය මීතිරිගල රංවල ශී‍්‍ර ජිනරතන දහම් පාසලේ එම්.පී. චමිල් දිශාන් මදුරසිංහ සහ නවවැනි ස්ථානය හොරණ වෑවල ශ්‍රී පාලි විද්‍යාලයේ මහන්නලාගේ සඳලි සුභාෂි දනන්ජලා හා 10 වන ස්ථානය බත්තරමුල්ල තලංගම උතුර එම්.ඩී.එච්. විජයවර්ධන මහා විද්‍යාලයේ සසන්තිකා සඳමිණි ලියනගේද හිමි කර ගන්නා ලදී.

අදාළ ජයග්‍රාහක සිසු සිසුවියන් සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව මඟින් 1 වන ස්ථානයට රුපියල් 10000ක තිළිණපත් සහ ලේක්හවුස් බෞද්ධ සංගමය මඟින් බුදුසරණ කුසලානය ද, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මඟින් වටිනා සහතිකයක්ද පිරිනමනු ලැබේ.

2 වන ස්ථානය රුපියල් 7500 ක තිළිණපත් සහ තෙවන ස්ථානයට රුපියල් 5000ක තිළිණපත්ද සිව්වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා රුපියල් දහස බැගින් වූ තිළිණපත්ද පිරිනමනු ලැබේ. ඊට අමතරව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මඟින් වටිනා සහතිකයක්ද පිරිනමනු ලැබේ. අදාළ ත්‍යාග ප්‍රදානය ජූනි 03 වනදා මිහින්තලා පුදබිමේ දී සිදු කෙරේ.