Print this Article


අනුරපුර පිරිත් පින්කම

අනුරපුර පිරිත් පින්කම

අනුරාධපුර ඓතිහාසික අසදෘශ ස්වර්ණමාලී මහ සෑ රදුන් වහන්සේ අභියස සෙත්සිරි පදනම මඟින් වාර්ෂිකව පවත්වනු ලබන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම සජ්ඣායනා පින්කම ඇතුළු පින්කම් මාලාව මෙවර ද 2015 මැයි මස 30 වෙනි සෙනසුරාදා සවස 4.30 සිට පැවැත්වේ.

එම වැඩසටහන යටතේ පිරිත් සජ්ඣායනය පැවැත්වෙන දිනයේ දවල් පනස් නමකට අධික මහ සඟරුවන විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමද, සවස අටවිසි බුද්ධ පූජාව පැවැත්වීම, රුවන්වැලි මහ සෑ රදුන් වහන්සේ හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත කප්රුක් චීවර පැළඳවීම ද පසුදින උදෑසන කිරි ආහාර පූජාවන් පැවැත්වීමද ඇතුළත් වේ.