Print this Article


දෙහිවල සිරි දුමින්දාරාමය

දෙහිවල සිරි දුමින්දාරාමය

දෙහිවල සිරි දුමින්දාරාම නව පොළොන්නරු ගල් විහාරස්-ථානයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන පොසොන් ධර්ම දේශනා මාලාව විහාරාධිපති ශාස්ත්‍රවේදී හෑඕවිට ගුණානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මැයි මස 27 වැනිදා ජූනි 02 වැනිදා දක්වා මෙම පින්කම් මාලාව පැවැත්වෙන අතර සෑම දිනකම සවස 6.00 ට අටවිසි බුද්ධ වන්දනාවද රාත්‍රී 7.00 ධර්ම දේශනාවද පැවැත්වේ.

මැයි මස 27 වැනිදා ශාස්ත්‍රපති පණ්ඩිත ගොම්බද්දල දමිත හිමි, 28 වැනිදා ත්‍රිපිටකවේදී ආචාර්ය කහගොල්ලේ සෝමවංශ හිමි, 29 වැනිදා ධර්මාචාර්ය බොරැල්ලේ කෝවිද හිමි, 30 වැනිදා අගලකඩ සිරිසුමන හිමි, 31 වැනි රාජකීය පණ්ඩිත යටිරාවන ධම්මාරාම හිමි, ජූනි 01 වැනිදා ශාස්ත්‍රපති පණ්ඩිත කොස්වත්තේ අරියවිමල හිමි, 02 වැනිදා ශාස්ත්‍රපති පාතේගම සුමනරතන හිමි දම් දෙසුම් පවත්වති.