Print this Article


භික්ෂු හැඳුනුම්පත් යාවත්කාලීන කිරීම

භික්ෂු හැඳුනුම්පත් යාවත්කාලීන කිරීම

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති ජාතික හැඳුම්පතට අමතරව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් 2014.01.01 දිනට ප්‍රථම නිකුත් කර ඇති විශේෂ භික්ෂු හැඳුනුම්පත් පසුගිය දිනෙක දන්වා ඇති පරිදි 2015.04.30 දිනෙන් අවලංගු කිරීමට කටයුතු යොදා තිබුණි.

මෙම විශේෂ භික්ෂු හැඳුනුම්පත අවලංගු කිරීම 2015.12.31 දින දක්වා දීර්ඝ කළ බවත් මෙතෙක් භික්ෂු හැඳුනුම්පතක් අයඳුම් නොකළ භික්ෂූන් වහන්සේට ඒ සඳහා අයඳුම් කළ හැකි බවත් දැනුම් දෙයි. එම අයඳුම්පත් හා තොරතුරු සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයෙහි නියුතු බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් වෙතින් ලබාගත හැකිය. නිසි අයුරින් සම්පූර්ණ කරන ලද අයඳුම්පත් කොළඹ පිහිටි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් මෙම හැඳුනුම්පත ලබා ගත හැකි බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් දන්වා ඇත.