Print this Article


මිහින්තලා රජමහා විහාරයේ සති පිරිත් දේශනාව

මිහින්තලා රජමහා විහාරයේ සති පිරිත් දේශනාව

මිහින්තලා රජමහා විහාරයේ වාර්ෂික සතිපිරිත් දේශනාව මෙම මස 24 වැනිදා ඇරැඹුණු අතර මෙම 29 වනදා දොරකඩ අස්න අනුශාසනාව පැවැත්වීමට මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු යොදා ඇත.

මෙවර මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මැයි 30 වනදා සිට ජුනි මස 03 වනදා දක්වා පැවැත්වේ. ඊට ලංකා විදුලිබල මණ්ඩලය සම අනුග්‍රහය දක්වනු ලැබේ. පොසොන් පොහොය නිමිත්තෙන් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රධාන අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ සහ පූජනීය වස්තු ප්‍රදර්ශනය මෙම මස 28 වනදා ඓතිහාසික මාතර බෝධීන් වහන්සේ අභියසදීද 29 වනදා කළුතර බෝධී පරිශ්‍රයේදී, 30 වනදා කුරුණෑගල ඇත්කඳ විහාරයේද ද, 31 වනදා අනුරාධපුර වජිරාරාමයේදී ද, ජුනි 01 වනදා සිට 05 වනදා දක්වා මිහින්තලා පුද බිමේදීද එම ප්‍රදර්ශනය පවැත්වීමට කටයුතු යොදා ඇත.