Print this Article


ස්වර්ණමාලි මහාථූපාභි වන්දනාව

ස්වර්ණමාලි මහාථූපාභි වන්දනාව

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සැටපස් වසර සමරමින් පැවැත්වෙන සාරාණීය මහා පින්කම වන ස්වර්ණමාලි මහා ථූපාභිවන්දනාව මේ මස 23 වැනිදා සවස සිට පසුදා පහන්වනතුරු පැවැත්වේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රී කල්‍යානි යෝගාශ්‍රම සංස්ථාව සංවිධානය කරන මෙම පින්කම ස්වර්ණමාලි මහ සෑ සලපතළ මළුවේදී පැවැත්වේ. මෙම පින්කමේ මූලික අනුශාසනාව සහ සත්බුදු වන්දනාව නාඋයනේ අරියධම්ම මා හිමියන් විසින් සිදුකෙරේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව අනුනායක ධුරයට පත් වූ නාඋයනේ අරියධම්ම මා හිමියන්ට අක්තපත්‍රය ප්‍රදානය කිරීම එදින සවස 6 ට රුවන්මැලි මහ සෑ මළුවේදී සිදුකිරීමට නියමිතය.