Print this Article


මිහින්තලා රජමහා විහාරයේ සතිපිරිත් දේශනාව 24 දා සිට

මිහින්තලා රජමහා විහාරයේ සතිපිරිත් දේශනාව 24 දා සිට

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ඓතිහාසික ලංකා ගමනය සිහිපත් කරමින් මිහින්තලා රජමහා විහාරයේදී වාර්ෂිකව පැවැත්වෙන සතිපිරිත් දේශනාව මේ මස 24 වනදා මිහින්තලා රජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

මෙම 24 වනදා ඇරැඹෙන සති පිරිත් දේශනාවේ දොරකඩ අස්න අනුශාසනාව මෙම මස 29 වනදා පැවැත්වේ.

ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන් ඇතුළු රජයටත්, රටටත්, ජනතාවටත් සෙත්පතා එම සතිපිරිත් දේශනාව පැවැත්වෙන බව ධම්මරතන හිමියෝ “බුදුසරණට” පැවැසූහ.

මෙවර මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව දින 5ක් පුරා පැවැත්වේ. ලංකා විදුලිබල මණ්ඩලය ඊට සම අනුග්‍රහය දක්වයි. ලංකා බැංකුව, මහාභාරකාර දෙපාර්තමේන්තුව, ස්වාධින රූපවාහිනි සේවය, අබාන්ස් ආයතනය සහ ඩයලොග් සමාගම ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව සඳහා අනුග්‍රහය දක්වනු ලැබේ.