Print this Article


කෙමිපිටකන්දේ විහාරය

කෙමිපිටකන්දේ විහාරය


බුදුගල්ලෙන විහාරස්ථානය


ගල්කුල තුළ පිහිටි විහාරය

කොළඹ මහනුවර මාර්ගයේ මාවනැල්ල ප්‍රදේශය හරහා රඹුක්කන මාර්ගයේ කි.මීටර් 8 පමණ ගිය විටදී හමුවන කෙම්පිටිකන්ද නම් සුන්දර ග්‍රාමයේ පිහිටි විහාරස්ථානයකි බුදු ගල්ලෙන විහාරය. බිම් මට්ටමේ සිට අඩි 800 ක් පමණ උතුවන්කන්දට මායිම්ව සුවිසාල ගල් පර්වතයක පිහිටි මෙම විහාරස්ථානය වළගම්බා රජ විසින් කරවන ලද්දක් බව සඳහන් කරයි.

වළගම්බා රජතුමා සිය බිසවට වැළඳුන කුෂ්ඨ රෝගයක් සුවපත් වීමේ අරමුණින් ඉදිකර ඇති මෙම බුදු ගල්ලෙන විහාරස්ථානය සැබැවින්ම මනස්කාන්ත දර්ශනයක් මවාපාන ස්ථානයකි. මෙහි ඉතිහාසය බොහෝ ඈතට දිවයන සිද්ධි දාමයකින් යුක්ත වන බව එහි විහාරාධිපති ගංහැල නාරද හිමියෝ පවසති. පසු කාලීනව එම ගල්ලෙනෙහි උතුවන්කන්දේ සරදියෙල් ද සැඟවී සිට ඇත. ඒ බවද පෙන්වාදෙන නාරද හිමියන් සරදියෙල් සිටි බවට සාධක දැනුදු පවතිනා අයුරු පෙන්වන ලදී.

බුදු ගල්ලෙන විහාරස්ථානයේ ප්‍රථම විහාරාධිපති හිමියන් වශයෙන් වැඩ සිට ඇත්තේ යටල වනරතන ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ විසින් බුදු ගල්ලෙන විහාරස්ථානයට මහඟු සේවාවක් සිදුකර ඇති බව ගංහැල නාරද හිමියෝ පවසති.

මනස්කාන්ත දසුන්, පාරිසරික උරුමයන්ගෙන් සමන්විත මේ ප්‍රදේශයට බුදු ගල්ලෙන විහාරස්ථානය අති සුන්දර වූ දසුනකි. සංචාරකයිනට, බෞද්ධයිනට මෙහි වන්දනා කිරීමට හා නැරඹීමට බොහෝ දේ ඇත. එහෙත් මෙම පුණ්‍ය භූමිය හා විහාරස්ථානය අංග සම්පූර්ණ වන්දනා ස්ථානයක් වීමට අවශ්‍ය කරුණු රැසක් ඉතිරිව ඇත.