Print this Article


කිරිවෙහෙරේ දී සෙත් පැතීමේ පින්කමක්

කිරිවෙහෙරේ දී සෙත් පැතීමේ පින්කමක්

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දි මෙම මස 25 වැනිදා රාත්‍රී මඩු ශාන්තිකර්ම පූජාවක් හා මෙම මස 26 දින 5000 කට පමණ දානමය පින්කමක් පවත්වේ.

රජයට ත්‍රිවිධ හමුදාවට පොලිසියට හා ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීමේ පූජාවක් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි තලගල ඤාණින්ද හිමියන්ගේ උපදෙස් පරිදි කටයුතු සංවිධානය කර ඇත.