Print this Article


 ශ්‍රී ලංකා අමරපුර චූලගණ්ඨි පාර්ශ්වයේ උපසම්පදා විනය කර්මය 2015

 ශ්‍රී ලංකා අමරපුර චූලගණ්ඨි පාර්ශ්වයේ උපසම්පදා විනය කර්මය 2015

ශ්‍රී ලංකා අමරපුර චූලගණ්ඨි පාර්ශ්වය වසර දෙකකට වරක් පවත්වන උපසම්පදා මහෝත්සවය ජුලි 18 වැනි දින බලපිටිය වැලිපාර ශ්‍රී පුෂ්පාරාම මූල මහා විහාරස්ථනය හෙවත් නායක පන්සලේ බද්ධ සීමා මාලකයේදී පැවැත්වේ.

උපසම්පදාව සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කරන ස්වාමින් වහන්සේලා අදාළ ඉල්ලුම් පත්‍ර සම්පූර්ණ කර මැයි 10 වැනි දිනට පෙර මහා ලේඛකාධිකාරි නාහිමි නන්දන විහාරය කරව්ව, පිටිගල ලිපිනයට එවන ලෙස දන්වා සිටියි.

අයදුම්පත්‍ර හා යෝග්‍යතා නිර්දේශ පත්‍ර මහාලේඛකාධිකාරී නාහිමියන්ගෙන් හෝ ප්‍රාදේශීය ලේඛකාධිකාරි හිමිවරුන්ගෙන් ලබාගන්නා ලෙසද දන්වයි. උපසම්පදා යෝග්‍යතා පරීක්ෂණය ජුනි මස මුල් සතියේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව චූලගණ්ඨි පාර්ශවයේ මහා ලේකඛාධිකාරි නාහිමි දන්වා සිටියි.