Print this Article


ගංගාරාමයේ සිංහල අලුත් අවුරුදු සති පිරිත් පින්කම

ගංගාරාමයේ සිංහල අලුත් අවුරුදු සති පිරිත් පින්කම

කොළඹ 02 ශ්‍රී ජිනරතන පාර ගංගාරාම විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන “සිංහල අලුත් අවුරුදු සති පිරිත් පින්කම” 83 වන වරටත් 2015 අප්‍රේල් මස 02 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30 ට ආරම්භ කෙරේ. නොකඩවා දින 07 ක් (දිවා - රාත්‍රී) මෙම සති පිරිත් දේශනාව පැවැත්වේ. උදේ 6.00, සවස 3.00 ට සහ රාත්‍රී 8.00 මහ පිරිත් දේශනාව පැවැත්වේ. දේවදූත පෙරහර අප්‍රේල් මස 9 වැනි දින සවස 4.00 ට ආරම්භ වේ. “දොරකඩ අස්න” සහ “අනුශාසනාව“ අපේ‍්‍ර්ල් මස 09 වැනි දින රාත්‍රී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන සති පිරිත් පින්කම් අතර ගංගාරාමයේ මෙම සති පිරිත් පින්කම නොකඩවා පවත්වාගෙන එනු ලැබීම ඓතිහාසික සිද්ධියකි. දිනපතා රාත්‍රී 6.30 කේශ ධාතු පූජාව සහ අටවිසි බුද්ධ පූජාමය පින්කම් හා දේව පූජාවත්, අප්‍රේල් මස 10 වැනි දින දහවල් “දේවාල මහා දානයත්” පැවැත්වේ. තමන් පාවිච්චියට ගන්නා තෙල් බෙහෙත් වර්ග, යන්ත්‍ර ආදී දේ තමන්ගේ නම සහ ලිපිනය ලියා පිරිතට තැබීම සඳහා කල්වේලා ඇතිව විහාරස්ථානයට ගෙනැවිත් භාරදෙන ලෙස ඉල්ලීමක් කරයි.