Print this Article


අනගාරික ධර්මපාල අනුස්මරණ කථික තරඟාවලියේ අවසන් තරගය

අනගාරික ධර්මපාල අනුස්මරණ කථික තරඟාවලියේ අවසන් තරගය

ආදී ආනන්දීය බෞද්ධ සංගමය හා බුදුසරණ පුවත්පත එක්ව සංවිධානය කළ මෙරට පාසල් අතර පවත්වන ලද ශ්‍රීමත් අනගාරික ධර්මපාල අනුස්මරණ කථික තරගාවලියේ අවසන් තරගය හා ත්‍යාග ප්‍රදානෝත්සවය ඉකුත් මස 24 වනදා කොළඹ ආනන්ද විද්‍යාලයේදී බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී දිවියාගහ යසස්සි නාහිමියන් ප්‍රධාන මහා සඟරුවනද ආනන්ද විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා ඇතුළු ආදී ආනන්දීය බෞද්ධ සංගමයේ සභාපති සෙන්පති සුදත් මඩුගල්ල මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ. කණිෂ්ඨ, අන්තර් මධ්‍යම සහ ජේ්‍යෂ්ඨ අංශ යනුවෙන් එම තරග පැවැත්විණි.කණිෂ්ඨ අංශය යූ. ජී. සචිනි මධුෂානි සිරි පැරකුම් දහම් පාසල කැලණිය, දිලුෂි හංසිකා (ජේ්‍යෂ්ඨ) කුමාරි ශ්‍රී වාචිස්සර දහම් පාසල රාවතාවත්ත,(අන්තර් මධ්‍යම) හසිනි තත්සරා ෆොන්සේකා (ශී‍්‍ර සුමංගල බාලිකා මහා විද්‍යාලය පානදුර)