Print this Article


රත්නසිරි මුතුකුමාර ට සම්මානයක් පිරිනැමේ

රත්නසිරි මුතුකුමාර ට සම්මානයක් පිරිනැමේ

ලෝක බෞද්ධ තරුණ සම්මේලනයේ ශ්‍රී ලංකා සභාපති රත්නසිරි මුතුකුමාර මහතා වෙත තායිලන්තයේ වැඩබලන සංඝරාජ සොම්දේප්‍රාමහරාජමන්ගලජාන් මහා නා හිමියන් විසින් ලෝක බෞද්ධ උත්තරීතර නායක සම්මානය පසුගියදා තායිලන්තයේ උතුරු බැංකොක් විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ සම්මාන පිරිනැමීමේ උළෙලේදී පිරිනමන ලදී. මුතුකුමාර මහතා විසින් සිදුකළ ශාසනික මෙහෙවර වෙනුවෙන් තායිලන්තයේ ජාතික බෞද්ධ කාර්යාංශය හා ලෝක බෞද්ධ තරුණ සම්මේලන මූලස්ථානය ඒකාබද්ධ වී එම සම්මානය පිරිනමනු ලැබීය.