Print this Article


ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 30 වන උපසම්පදාවාරය

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 30 වන උපසම්පදාවාරය

සියම් මහ නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 30 වන උපසම්පදාවාරය මැයි 08, 09, හා 10 යන දිනවල මාතර කොටුවේගොඩ රන්දූපන ශ්‍රී රෝහණ උපෝසථාගාර මහා විහාරයේදී පැවැත්වේ. මෙවර උපසම්පදාපේක්ෂක සාමණේරයන් වහන්සේලා සඳහා පුහුණු වැඩමුළුව පැවැත්වෙනුයේ තිහගොඩ ඌරාපොල සිරි රතනජෝති පරිවේණාස්ථානයේ දී ය. එය මැයි 05, 06 දෙදින සිදු කෙරේ. උපසම්පදාපේක්ෂක සාමණේර හිමිවරුන් වෙනුවෙන් අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය මාර්තු 30 වන අතර පහත සඳහන් ස්ථානවලින් අයදුම්පත් ලබාගත හැකිය.

උපෝසථාගාර මහා විහාරය, රන්දූපත කොටුවේගොඩ මාතර ශ්‍රී සුමනාරාමය, කොට්ටවගම ගාල්ල, ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරය, සපුගොඩ කඹුරුපිටිය, සිත්තම්ගල්ලෙන රජමහා විහාරය, රම්මල වරාපිටිය, රන්කොත්මලු විහාරය, වගේගොඩ ,තංගල්ල, මිහිඳු ආරණ්‍ය සේනාසනය, කුරුන්දන්කුලම, අනුරාධපුරය.