Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

බෞද්ධ සන්නිවේදනය සඳහා වූ
ජාත්‍යන්තර පදනමින් තවත් සමාජ සත්කාරයක්...


බෞද්ධ සන්නිවේදනය සඳහා වූ ජාත්‍යන්තර පදනම විසින් කුරුණෑගල මහ රෝහල වෙත රෝද පුටු පරිත්‍යාගයක් සිදු කෙරිණි. දෙස් විදෙස් දානපතියන්ගේ පරිත්‍යාගයෙන් රැස් කරගත් මුදලින් රෝද පුටු තුනක් එසේ පරිත්‍යාග කෙරිණි. ජනක පී ලියනගේ මහතා, එම්.ටී.එල්.පී පෙරේරා, ටී.ම්.ආර්.බණ්ඩාර, එච්.එම්.පී. කුමාරිහාමි, අයන්ති විතාන, වෙනූෂා පොතුහැර යන මහත්ම මහත්මීන්ගේ පූර්ණ ධන පරිත්‍යගයෙන් මෙම සද්කාර්යය සිදු කළ අතර ඉකුත් 11 වෙනි දින මෙම පරිත්‍යාගය රෝහල් කාර්ය මණ්ඩලය විසින් බාරගන්නා ලදී, එම අවස්ථාවට බෞද්ධ සන්නිවේදනය සඳහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් එන්.ඒ. චන්දන තිලකසිරි කුමාර සහ කාශ්‍යප බණ්ඩාර යන මහත්වරුද සහභාගි විය.