Print this Article


රාගම තුඩුවේගෙදර ශ්‍රී ඉසිපතනාරාම විහාරය

රාගම තුඩුවේගෙදර ශ්‍රී ඉසිපතනාරාම විහාරය

රාගම , තුඩුවේගෙදර ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙකෙරන චෛත්‍ය රාජයාණන්ගේ නිධන් වස්තු තැන්පත් කිරීම මේ මස 29 දා පෙරවරුවේදී සිදු කෙරේ.

මේ නිමිත්තෙන් විහාරාධිපති රාසිංගොල්ලේ පඤ්ඤානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 27 දා සවස 6.00 ට සර්වඥ ධාතුන් වහන්සේලා සහ කොත් වහන්සේ වැඩම කරවන පෙරහරක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. විහාර මන්දිරයේ අභිනවයෙන් අඳින ලද බිතු සිතුවම් විවෘත කිරීම හා සර්වඥධාතු වන්දනාවක් මේ මස 27 දා සවස 6.30 ට සිදු කිරීමට විහාරස්ථ චෛත්‍ය සංවර්ධන කමිටුව කටයුතු යොදා තිබේ.