Print this Article


හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන්ගේ වර්ෂ පූර්ණ ගුණ සැමරුම

හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන්ගේ වර්ෂ පූර්ණ ගුණ සැමරුම

මීට වසරකට පෙර අපවත් වී වදාළ ආචාර්ය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන්ගේ පළමු වර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම විවිධ පළාත්වලදී සිදු කිරීමට ආචාර්ය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමි පදනමේ ශාඛා ජාලය හා අනුබද්ධ ආයතනත්, උන්වහන්සේ වැඩවිසූ කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථ දායක සභාවත් කටයුතු සූදානම් කර ඇත. මේ මස 20 වනදීන රාත්‍රී මහනුවර පූජාපිටිය නගර මධ්‍යයේදී ධර්ම දේශනයක් සිදුකර පසු දින උන්වහන්සේගේ දිවි මඟට පහනක් වූ හේනේගම ශ්‍රී සංඝානන්ද මහ පිරිවෙණේ දී අර්ධශතාධික මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර දක්ෂිණාවක් පිරිනැමීමටත් මේ මස 28, 29 දෙදින කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී අභයදාන පින්කම්, ධර්ම දේශනා පින්කම් සමඟ ශතාධික මහ සංඝ රත්නය විෂයෙහි සපිරිකර දක්ෂිණාවක් පිරිනැමීමටත් කටයුතු යොදා ඇත. ම් සියලු පුණ්‍යකර්මයන්ගේ බලයෙන් අපවත් වී වදාළ හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමිපාණන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධිය පසක් කර ගැනීමට හේතු වේවා. විජේරත්න ආරියතිලක