Print this Article


බුදුරදුන්ගේ ආර්ථික දැක්ම

බුදුරදුන්ගේ ආර්ථික දැක්ම

මෙම ලිපියෙහි මුල්කොටස මැදින් පසළොස්වක පෝදා පත්‍රයේ පළවිය.

විශේෂයෙන්ම සන්නිවේදනයන් විසින් පොලඹවනු ලැබීම නිසා එකී පෙලඹවීමේ ගොදුරක් බවට පත්වීම පාරිභෝගික ගෝචරත්වයට පත්වීම. පාරිභෝගිකයකු සේ ගොදුරක් බවට පත්වීමේ දී මිනිස්සු හැසිරෙන්නේ තමන්ට වුවමනා දෙය මිලදී ගැනීමට හෝ වුවමනා දෙය භාවිත කිරීමට වඩා පෙලඹවීමේ ප්‍රතිඵලයක් ලෙස ස්වේච්ඡා ගොදුරක් බවට පත්වීම කරණකොටගෙන කිසියම් නිෂ්පාදිතයක් නිෂ්පාදනයක් වෙළෙඳ පළට හඳුන්වා දුන්නාට පසුව එම වෙළෙඳ පළ විසින් ආක්‍රමණය කරනු ලැබූ නිෂ්පාදනය පිළිබඳ දැන්වීම් විසින් වෙළෙඳපළ මාධ්‍යහිදී ගොදුරු සොයා සැරිසරන්නා වූ දැන්වීම්වල ග්‍රාහකයන් බවට පත්වී ගෝචරයන් බවට පත්වීම නිසා තමාගේ සමබරතාවය බිඳ දමමින් ගොදුරක් බවට ස්වේච්ඡාවෙන් පත්වීම හේතු කොටගෙන අවශ්‍යතාවය ඉක්මවා යන බොහෝ කාරණා ඉස්මතුවන්නට ඉඩකඩ තියෙනවා.

වෙළෙඳපොළේ දී මිලදී ගනු ලබන්නේ අපට වුවමනා දෙය නොවෙයි. තියෙන දෙයයි. වුවමනා දෙය සහ අනෙකා භාවිතා කරන දෙය වුවමනා දෙය සහ මෙම කාලය තුළ භාවිත කරන දෙය වුවමනා දෙය සහ භාවිත කරන්න යැයි අපට කියන දෙය වුවමනා කරන දෙය යන ඉහත කියන ලද වෙළෙඳපොළ ආර්ථිකය විසින් අපේ මනසට බලහත්කාරයෙන් බලාරෝපණය කර පොවනු ලබන්නාවූ අදහස අතර ඝට්ඨනයක් පාරිභෝගික සමාජය තුළ ඇතිවෙනවා. එම ඇතිවීම කරණකොටගෙන ඉහතකී ආර්ථික සමබරතාව බිඳීයන්නට පුළුවන්කම තිබෙනවා. එම ආර්ථික සමබරතාව බිඳීයාමත් සමඟ තමාට තමාව මෙහෙයවාගත නොහැකි තැනට පත්වෙනවා. සුළඟක් හමාගෙන යන විට එම හමාගෙන යන සුළඟෙහි වේගයට තමා නිශ්චලව සිට යම්කිසි ආධාරකයක් අල්ලාගෙන නොසිටියහොත් සුළඟට ගසාගෙන යන්නට පුළුවන්කම තිබෙනවා. එවැනි දැන්වීම් සුළඟක් විසින් කරනු ලබන පෙළඹවීම් ස්වේච්ඡා පාරිභෝගිකයකු බවට පත්වෙලා මේ මහා දැවැන්ත ආර්ථික ප්‍රවාහයේ ගසාගෙන යන්නට පුළුවන්කම තිබෙනවා. ඒවා ගසාගෙන ගියොත් ඇදවැටෙන තැන සොයාගන්නට පුළුවන්කමක් නැහැ. මහා ජල පහරකට හසුවන විට ගලාගෙන යන මහා සැඩ පහරෙහි කිසියම් බලය සහිත කණුවක් අල්ලාගෙන නැවතුනේ නැත්නම්, එම ප්‍රවාහයේම ගොදුරක් බවට පත්වෙනවා. එම ගසාගෙන යන විට නවතින තැන සොයන්න බැරි වෙනවා.

ඌනේ ලෝකෝ අථිත්තෝ තණ්හා දාසෝ”

කියන මිනිස් ධර්මතාව වන ලෝකය හරිම අඩුයි. ඒ වගේම අතෘප්ති කරයි. අප හැමදෙනාම පාහේ තණ්හාවේ දාසයන් බවට පත්වෙනවා.මෙම තණ්හා දාස භාවයට පත්වීම කියන කාරණාව නිසා තමයි මහා ආර්ථික ප්‍රවාහයේ ගොදුරක් බවට අප පවත්වන්නේ. ඒ නිසා මුද්‍රිත වේවා විද්‍යුත් වේවා විවිධ මාධ්‍යයන් මඟින් පොලඹවනු ලබනව අපගේ ආර්ථිකය සමබර නොකර පවත්වාගෙන යාමට පාරිභෝගිකයකු වශයෙන් අප හැමවෙලාවෙම කවර නම්, ආකාරයෙන් සිටිය යුතු ද? ඔබට කන්න යැයි කියාද? ඔබට බොන්න යැයි කියාද, ඔබේ දරුවාට කන්න හා බොන්න අරන් දෙනව යැයි කියාද කරනු ලබන බලපෑම්, කරනු ලබන දැවැන්ත පෙළඹවීම් කොපමණද කියා ඔබ දන්නවා. ඒත් ඔබ කෑ යුත්තේ ද, ඔබ පානය කළ යුත්තේ ද, ඔබගේ දරුවන්ට කෑම බීම වශයෙන් දිය යුත්තේ ද කුමක්ද? කියා ද ඔබ නොදන්නවාම නොවේ. අප හැසිරිය යුත්තේ වුවමනා කරන දේවල් කන්න දෙන්න, අරන් දෙන එකද? කන්න දෙන්න තියෙන දේවල් අරන් දෙන එකද? කන්න දෙන්න මේ කාලය තුළ දිය යුතු දේද මේ කාලය තුළ දී කන්න දිය යුතු යැයි බල කරමින් පොලඹවනු ලබන දේද?

බුදුපියාණන් වහන්සේගේ අවධානය යොමුවන්නේ මෙතනට. ලෝකයේ නිෂ්පාදන අඩුකරන්න පුළුවන් කමක් නැහැ. ලෝකයේ නිෂ්පාදන පාලනය කිරීමට තියෙන අවස්ථා හරිම අඩුයි. ඒත් පාරිභෝගිකයෙකු ලෙස නිශ්චලව යෝනිසෝ මනසිකාරයෙන් ගැඹුරු මනසින් අවශ්‍යතා තේරුම් ගැනීම සඳහා පාරිභෝගිකයකු බවට පත්වීම අවශ්‍ය බව බුදුපියාණන් වහන්සේ දේශනා කොට ඇත.

පාරිභෝගිකයකු වශයෙන් තමාගේ හැසිරීමේ දී ගොදුරු වෙලා ගොදුරු වූ පාරිභෝගිකයකු බවට පත්වුවහොත් පළමුවට එන්නේ තමන්ගේ අවශ්‍යතාව නොව ගොදුරක් බවට පත්වීමේ අවශ්‍යතාව පමණයි. ගෙදරක කොස්, දෙල්, පොල්, මුකුණුවැන්න, ගොටුකොළ තමන්ගේ වත්තෙන් ලබාගත හැකි මෙවැනි දේ ආහාර නෙමෙයි කියලා කියන්න බැහැ. දහස් ගණන් වියදම් දරමින් ගත හැකි දේවලුත් තිබෙනවා. අනෙකා ආහාරයට ගනු ලබන්නේ මේවා එහෙයින් ඒවා ආහාරයට ගත යුතු ය. මේ කාලයේ ආහාරයට ගන්නේ මෙවැනි දේවල්ය. එහෙයින් එවැනි දේවල් ආහාරයට ගත යුතු ය. අපට ආහාරයට ගත යුතු යැයි කියන්නේ මේවාය. එබැවින් අපද ඒවා ආහාරයට ගත යුතු ය.

ඒකේන භොගේ භුඤ්ජෙයි්‍ය”

කියන ආදායමෙන් හතරෙන් එකක් පරිභෝජනය කළ යුතු යැයි කාරණාවක් සමඟ එකඟතාවකට පැමිණීමට ඔබට හැකි නම්, එම කරුණ දැවැන්ත ලෙස අරගෙන එම නිහතමානී එකඟතාව සමහර විට ජීවිතය සමබර කරගන්නට ලැබෙන්නේ නැහැ. එතැන දී ඔබේ මුඛයේ දත්වල තොල්වල සිට ආහාර ජීර්ණ පද්ධතියේ කෙළවර දක්වා වෙන කාල වකවානුවේ දී දිව ආශි‍්‍රතව අඟල් හයකට ආසන්න වූ හා ඊට අඩු ප්‍රමාණයක් පමණක් රස වෙනුවෙන් වෙන් කරන්න පුළුවන්කම තිබෙනවා. එම උගුරින් පහළට තියෙන අඩි 20කටත් වඩා දිග ආහාර ජීර්ණ පද්ධතියක් තිබෙනවා. කිසියම් ආහාරයක් තොල් පෙති අතරින් උගුරට දාන කොට විනාඩි ගණනක නිමේෂයකට රස දැනෙනවා. ඊට පසුව පැය හතරක් පහක් දිග ගමනක් ගත වන ආහාර ජීර්ණ පද්ධතිය තුළ සිදුවන ක්‍රියාවලියේ දී කිසිදු ස්ථානයකට රස දැනෙන්නේ නැහැ. අපි අඟල් 6 ක් සහ අඩි 20 ක් කියන දෙක අතර ප්‍රඥාගෝචරව හැසිරුණොත් අපගේ අවධානය යොමුවිය යුත්තේ අඩි 20 ක් පමණ දිග ප්‍රමාණයක් සඳහා ද අඟල් ‘6ක්’ සඳහා උගුරෙන් පහළට නිෂ්පාදනභාවය වලංගු වන්නේ නැහැ. උගුරෙන් පහළට නිෂ්පාදනයේ අඩංගුතා පිළිබඳව වලංගු වන්නේ නැහැ. උගුරෙන් පහළට නිෂ්පාදන ආයතනය හා නිෂ්පාදන වලංගු වන්නේ නැහැ. උගුරෙන් පහළට රසද වලංගු වන්නේ නැහැ. සම්පූර්ණ ශරීරයක් සඳහා උරාගනු ලබන්නාවූ රසකාරක වර්ණකාරක උත්තේජකාරක ආදී කොට ඇති රෝග කාරක හෝ සෞඛ්‍ය කාරකයා තමයි වලංගු වන්නේ. කෙතරම් ප්‍රඥාගෝචර විය යුතු ද? අඟල් හයක් යන අඩි 20 ක් තිහක් සඳහා කැපවීමට අමතරව දීර්ඝ කාලීන ජීවන පැවැත්මක් සහ විනාඩියක රසයක් ගත කරනා අපට වැදගත් වන්නේ අපට වුවමනා දෙය සහ ඉහත කී කාරණා සමඟ ප්‍රඥාසම්පන්න වෙලා කෙතරම් ඥාන සම්පන්න වුණොත් ද? පාරිභෝගිකයකු වශයෙන් බුදුධිමත් වන්නේ. සන්තුස්සක වෙලා තමාට තමාව පෝෂණය කරගත නැතිවෙලා ආර්ථික විෂමතාව වෙනුවට ආර්ථික සමබරතාව ආරක්ෂා කර ගැනීමට මෙම ධර්මතාව කෙතරම් දුරට වුවමනාවෙන් භාවිත කර හැකි දැයි කල්පනා කළ යුතු ය. තමන්ගේ පවුල තමන්ට නඩත්තු කර ගැනීමට බැරිවෙලා තමන්ගේ ආර්ථිකය තමන්ට සමබරව පවත්වාගන්නට බැරිවෙලා ජීවිතයත්, පවුලත්, දරුවනුත් අසමතුලිත ආර්ථිකයක ගොදුරු බවට පත්වෙලා සිනහව වෙනුවට කඳුළ එක්වෙලා ගෙදර සතුට වෙනුවට දුක එක්වෙලා. ගෙදර සැප වෙනුවට දුක එකතු වෙලා. අර්බුදකාරී රැසකට යන්නට සිදුවන්නේ ඉහත කී “ඒකේන භොගේ භුඤ්ජෙයි්‍ය” කියන කාරණාව නිහමානීව ස්වයං විවේචනයකින් නොදැක්කොත් විතරයි.

අප අසවල් භාණ්ඩයේ ස්වේච්ඡා ගොදුරක් බවට පත්වෙලා නැද්ද? අසවල් විලාසිතාවේ ස්වේච්ඡා ගොදුරක් බවට පත්වෙලා නැද්ද? ආයෝජනය කිරීමක් යනු නැවත නැවත කර්මාන්ත හා ආදායම් මාර්ග සඳහාම ආයෝජනය කිරීම නොවේ. “ද්වීහි කම්මං පයෝජයේ”

දරුවන්ගේ අධ්‍යාපනය සඳහාත් කරනු ලබන්නේ ආයෝජනයක්. එකී සමඟම තමාගේ හෙට දවස සඳහා අද සෞඛ්‍යය සම්පන්න වීමත් වක්‍ර ආයෝජනයක්, හෙට දවසේ ශරීරය ශක්තිසම්පන්නව තබා ගැනීම සඳහා ශක්තිසම්පන්න ආහාර ලබාගැනීමත් වක්‍ර ආයෝජනයකි. සෘජු ආයෝජන හා වක්‍ර ආයෝජන අතරට බුදුපියාණන් වහන්සේ දේශනා කරන වක්‍ර ආයෝජනයක් ජීවිත තුළින් අපට දැක ගත හැකියි.

රටටත්, පවුලටත්, ඔබටත්, ඔහුටත් වැඩදායක වන සීල සම්පන්න, ගුණ සම්පන්න, නිරෝගී සම්පන්න දරුවකු නිර්මාණය කිරීම විශාල ආයෝජනයක්. එම සුවිසල් විශාල ආයෝජනය ආයෝජනයක්ම හැටියට සලකන්නට වෙනවා.

“ද්වීහි කම්මං පයෝජයේ”

යන කරුණට අදාළ ජීවිතයේ වියදම ආයෝජනයේ කොටස් දෙකකට බෙදීමට හැකියි. දෛනික ජීවිතයේ කෑම බීම, ඇඳුම්, පැළඳුම් වැනි දෛනිකව එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාම සඳහා වන ක්ෂය ධර්මතා පවතී. ආයෝජනය ක්ෂය ධර්මයක් නොවේ. හෙට දවස සඳහා අද දවස පැළ රෝපණය කිරීමේ ආයෝජනයක් කරනවා නම්, එය ක්ෂය ධර්මයක් නොවේ. එය නඩත්තු වියදමක් නොවන අතර එය ආයෝජනයක්ම වෙයි. එනිසා හෙට දවසේ මූල්‍යමය වශයෙන් ලාභයත්, සතුට වශයෙන් ලාභයත් ආධ්‍යාත්මික වශයෙන් ප්‍රතිලාභයත් යහපතක් වශයෙන් ලැබෙන ප්‍රතිලාභයත් සඳහා කරනු ලබන ආයෝජනයකි. එනිසා බුදුරජාණන් වහන්සේගේ ආර්ථික දැක්ම

ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථංච නිධාපෙයිය
ආපදාසු භවිස්සති”

මෙම කරුණ දැනගෙන ස්වේච්ඡා ගොදුරක් බවට පත්වීමේ කරුණ තමා විසින් දැනගෙන නිහතමානීව ස්වයං විවේචනයක් ධර්මානුකූල අවබෝධය තුළ ඔබට ලැබේවා.

හේමමාලා රන්දුනු