Print this Article


බුදුසරණ පුවත්පතේ හිටපු කර්තෘවරයාගේ ගුණ සැමරේ

බුදුසරණ පුවත්පතේ හිටපු කර්තෘවරයාගේ ගුණ සැමරේ

බුදුසරණ පුවත්පතේ ආරම්භක සාමාජිකයකු මෙන්ම එහි හිටපු ප්‍රධාන කර්තෘවරයකු වූ නැසීගිය පුවත්පත් කලාවේදී දයා සිරිවර්ධන මහතාගේ සිව්වන ගුණානුස්මරණය මේ මස 26 වැනිදාට යෙදී තිබේ. ඔහු සිංහල, ඉංගී‍්‍රසි, පාලි සංස්කෘත භාෂා විෂයෙහි උගතෙකි.කැලණිය ගුරුකුල විද්‍යාලය, රත්නපුර ඇලෝසියස් විද්‍යාලය, බොරුල්ල සුසමයවර්ධන විද්‍යාලය ආදි පාසල් කිහිපයකම ගුරුවරයකු ලෙසද කටයුතු කළ දයා සිරිවර්ධනයන් රටට වැඩදායි දරු පිරිසක් බිහිකළ ගුරු පියාණන් කෙනෙක්ද විය. සිව්දරු පියකු වු දයා සිරිවර්ධනයන්ගේ ගුණ සමරුව නිමිත්තෙන් ඒ මහතා පදිංචිව සිට ‘දයාශ්‍රී’ නයිවල එස්සැල්ල නිවසේදි මේ මස 27 වැනිදා සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වේ.