UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් මඟ හෙළිකළ සේක

දහම් මඟ හෙළිකළ සේක

දෙව්දත් තෙරුන්ට පවා බුදුරජාණන් වහන්සේ මග පෙන්වා දීම කළා. නමුත් ඒ මාර්ගයට පිවිසීමට දෙව්දත් තෙරුන් නිවැරැදි මඟට පියවර ගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේට දෙව්දත් තෙරුන් ඇඳගෙන යාමට හැකියාවක් නැහැ. බුදු දහම පුද්ගල නිදහස ඉහළින්ම අගය කරනු ලබනවා. අප පින්වන්ත විය යුතුයි. නිවැරැදි මාර්ගය පෙන්වා දුන් විට ඒ මාර්ගයේ ගමන් කිරීමට, අප කරනු ලබන හොඳ නරක තේරුම් ගැනීමට අපට ප්‍රඥාව තිබීමයි

මෙහිදී වැදගත් වන්නෙ

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරද්දි අසල නිවසක ඌරන් මරමින් ජීවත් වූ චුන්ද කර්මාර පුත්‍රයා නිවන් මඟට පමුණුවීමට කටයුතු නොකළේ ඇයි? දෙව්දත් තෙර අපාගත වීම වළක්වා නොගත්තේ ඇයි? මට්ටකුණ්ඩලී මිය යන බව දැක එතැනට වැඩම කොට අවසාන මොහොතේ නිවන් මඟට පමුණුවාලන්නට උන්වහන්සේ කටයුතු කළත් අංඟුලිමාල මිනිසුන් අනූ නව දෙනෙකු ඝාතනය කරන තෙක් බුදුරජාණන් වහන්සේ නොදුටුවාද?

ආදී ප්‍රශ්න රැසක් අප සමාජයේ ඇතැම්විට විවාද සම්පන්න වනවා . ඒ සඳහා තම තමන්ගේ අදහස් හොවා දැක්වීම හැරෙන්නට එමගින් බොහෝ දෙනා සත්‍යය වටහා ගන්නා බවක් පෙනෙන්නට නැහැ.

බුදුරජාණන් වහන්සේගේ දහම කිසිවකුට බලයෙන් ඇදහීමට නියම කළ හෝ කිසිවකුට ඇදහීම තහනම් කළ හෝ ආගමක් දහමක් නොවන බව මෙහිදී අප සිත්හි තබා ගත යුතු පළමු කරුණයි.

දෙවැන්න බුදුහිමියන්ගේ දහම තේරුම් ගැනීමට පුණ්‍ය මහිමයක් තිබිය යුතු වෙනවා. එසේ නොමැති අය දුගතිගාමීත්වයටම යනවා. එසේ නොමැතිව බුදුරජාණන් වහන්සේ කිසිවකු නිවනට ඇදගෙන යන්නෙක් නොවේ. ආගමේ ඇද බැඳ තබන කිසිවක් බුදු දහමේ ඇතුළත් නොවේ.

බුදු හිමියන්ගේ දේශනාව වූයේ “අජ්ජේව කිච්ඡං ආතජපං, අක්කානාරෝ තථාගතා ආහ”

මම ඔබේ මඟ පෙන්වන්නා පමණයි” යන්න උන්වහන්සේගේ දේශනාවයි. ඇතැමුන් තර්ක කරන්නේ මඟ පෙන්වීමෙන් වැඩක් නොමැති බවත් ඉදිරියට යාමට ශක්තිය ලබා දීම අවශ්‍ය බවත්ය. මග පෙන්වීම යනුවෙන් පැවසෙන්නේ යා යුතු නිවැරැදි මාර්ගයේ යාමට අවශ්‍ය ශක්තිය ලබා දීමයි.

”ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සයුර
අහෝ දෙව්දත් නොදිටි මොක්පුර”

දෙව්දත් තෙරුන්ට පවා බුදුරජාණන් වහන්සේ මග පෙන්වා දීම කළා. නමුත් ඒ මාර්ගයට පිවිසීමට දෙව්දත් තෙරුන් නිවැරැදි මඟට පියවර ගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේට දෙව්දත් තෙරුන් ඇඳගෙන යාමට හැකියාවක් නැහැ. බුදු දහම පුද්ගල නිදහස ඉහළින්ම අගය කරනු ලබනවා. අප පින්වන්ත විය යුතුයි. නිවැරැදි මාර්ගය පෙන්වා දුන් විට ඒ මාර්ගයේ ගමන් කිරීමට, අප කරනු ලබන හොඳ නරක තේරුම් ගැනීමට අපට ප්‍රඥාව තිබීමයි මෙහිදී වැදගත් වන්නේ.

බුදුරජාණන් වහන්සේ යහපත් ලෙසින් දේශනා කරපු දේ කොතෙකුත් තිබෙනවා. විශේෂයෙන්ම උන්වහන්සේගේ දේශනාව අනුව ගොවිතැන් කිරීමේ වෘත්තිය ඉහළින් අගයා තිබෙනවා. ගොවිතැන් කිරීමේදි ගැඩවිල් පනුවන් කෘමින් මිය යාමට ඉඩ ඇති බව බුදුරජාණන් වහන්සේ නොදැන සිටියාද?

බුදුරජාණන් වහන්සේ ඒ බව දනිතත් නිගණ්ඨනාථපුත්ත සේ ජීවත්වීමට උන්වහන්සේ දේශනා කළේ නැහැ. ගොවිතැන් කරන තැනැත්තාගේ චේතනාව කුඹුරු හෝ හේන් ගොවිතැන් කරමින් ජීවිතය රැක ගැන්මට උත්සාහ කිරීම මිස ගැඩවිල් පනුවන් කපා දැමීම හෝ කෘමීන් නැසීම හෝ කක්කුට්ටන් ආදී වු සතුන් විනාශ කිරීම හෝ නොවන නිසා ගොවියාට ඉන් කිසිදු පාපයක් සිදු නොවන බව බුදුරජාණන් වහන්සේගේ දේශනාව වුණා.

මීට හොඳම නිදසුනක් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේදීම පෙන්වා දෙන්න පුළුවන්. චක්ඛුපාල තෙරුන් නිදි වර්ජිතව වීර්යය වඩා රහත් බවට පත් වුණා. උන්වහන්සේ රහත් බවට පත් වීමෙන් පසු සක්මන් භාවනා කරද්දි පයට පෑගී කුඩා කුහුඹුවන් වැනි සතුන් මිය ගියා. සෙසු භික්ෂූන් වහන්සේ මේ බව බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළා.

”රහත් බවට පත් චක්ඛුපාල තෙරුන් වහන්සේ සතුන් මරා දමන බවට චෝදනා නැඟුණත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ චක්ඛුපාල තෙරුන්ගේ ඇස් අන්ධවූයේ පෙරකළ කර්මයක් නිසා බවත් මේ භවයේදී උන්වහන්සේ ගේ කිසිදු චේතනාවක් එම සතුන් මරණයට පත් කිරීමට නොතිබු නිසා උන්වහන්සේට අකුසලයක් සිදු නොවන බවත් ය.

අපේ පැරැන්නන් විවිධ කෙම් ක්‍රම භාවිතා කෙළේ, ගොයමට සතුන්ට හානි නොකිරිමට හැකි වන පරිදිය. දුම්මල මිශ්‍රණයක් ගොයමට මුසු කර දෙදෙනෙක් එකතුවී අස්වැන්න නෙළීමට ආසන්න කාලයේදී රෙදි කැබැලි මඟින් අස්වැන්න ස්පර්ශ වීමට සැලැසුවා. පඹයා මඟින් කුඹුරට ආරක්ෂාව සලසා ගත්තා. මේ කරුණු කාරණා නිසා අපේ දැහැමි සමාජය බිහිවුණා. ඉවසීම කරුණාව, දයාව,ඇතිවුණා. මෛත්‍රිය වර්ධනය වුණා. අන් සතු දේට ආසා කෙළේ නැහැ.

මේ නිසා මස් මාංශ වෙළෙඳාම සිදු වුණේ නැහැ. සීගිරි සිතුවම් නරඹා ආස්වාදයක් ලබනවා හැරෙන්නට එම සිතුවම් අඩ නිරුවත් යනුවෙන් ඊට අපහාස කරන්නේ නැහැ. එම සිතුවම් දරුවන්ට පවා පෙන්වා එහි ආස්වාදය මිහිර දරුවන්ටත් ලබා දෙනවා. නමුත් වෙනත් එවැනි චිත්‍රයක් දැක්කොත් අප ඒ සඳහා දක්වන ආකල්පය ගැන සිතා බලන්න .

අපගේ සිතේ ඇතිවන ආකල්පයන්ද මේ සිතිවිලි සමුදාය කෙරෙහි බලපානු ලබනවා. අපට යම් අයකුට බලහතක්කාරයෙන් ඒ සිතිවිලි වෙනස් කළ නොහැකියි. බුදු දහම සෑමවිටම ජීවත්වීම යන සංකල්පය මුල්තැන්හිලා සලකනවා. මීට පෙර ලිපි මගින්ද අප අනාවරණය කෙළේ බුදුරජාණන් වහන්සේ විසින් ජීවත්වීම පළමු තැන්හිලා සලකා ඇතිබවයි. ඒ සඳහා තම වටාපිටාව අනුව පරිසරය අනුව ජීවන රටාව සකසා ගන්නා ආකාරයත් බුදු දහමේ දැක්වෙනවා.

බොහෝ දෙනා නොදන්නා එවන් කතාවක් දීඝ නිකායේ දැක්වෙනවා.අසන්නට කියවන්නට පි‍්‍රය නොවූවත්, බුදු දහමේ නිවැරැදි තත්ත්වය යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට ලබන කලාපයෙන් ඒ ගැන කියවා බලමු.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි මස 18 වැනි දා බදාදා පූර්වභාග 09.03 ට ලබයි. 19 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම  පෙබරවාරි මස 18 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 28 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]