UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු ගුණ භාවනාව

බුදු ගුණ භාවනාව

2015.02.12 පත්‍රය හා සම්බන්ධයි.

විජ්ජාචරණ සම්පන්න ගුණය - 3

11. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මාර්ග ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මාර්ග ඤාණය)

12. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඵල ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ඵල ඤාණය)

13. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විමුක්ති ඤාණයෙන් දැන වදාළ බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සිඳින ලද කෙලෙස් නැවත බැලීමේ ඤාණය)

14. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පච්චචෙක්ඛා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ආධ්‍යාත්මික ධර්මයන් බැලීමේ ඤාණය)

15. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වත්ථු නාතන්ථ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අධ්‍යාත්මික ධර්මයන් ව්‍යවස්ථා කරන ඤාණය)

16. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගෝචර නාතන්ථ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (බාහිර ධර්මයන් ව්‍යවස්ථා කරන ඤාණය)

17. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චරියා නාතන්ථ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (චරියාවත් ව්‍යවස්ථා කරන ඤාණය)

18. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භූමි නාතන්ථ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ප්‍රභේද ධර්ම ව්‍යවස්ථා කිරීමේ ඤාණය)

19. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ධම්ම නාතන්ථ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (නව ධර්ම ව්‍යවස්ථා කිරීමේ ඤාණය)

20. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ධම්ම නාතන්ථ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

21. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඤතට්ඨෙ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (පංචස්කන්ධය දැකීමේ ඤාණය)

22. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තීරනට්ඨෙ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (තීරණ ස්වභාව ඤාණය)

23. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරිච්චාගට්ඨෙ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (පරිත්‍යාග ස්වභාව ඤාණය)

24. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකරස්ට්ඨෙ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ඒකරස ස්වභාව ඤාණය)

25. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඵුසනට්ඨෙ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (වින්දන ස්වභාව ඤාණය)

26. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අත්ථපටිසම්භිදේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අර්ථයන්ගේ නානා ස්වභාවය දැනගැනීමේ ඤාණය)

27. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ධම්මපට්සම්භිදේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ධර්මයන්ගේ නානා ස්වභාවය දැනගැනීමේ ඤාණය)

28. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරුත්තිපට්සම්භිදේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (නිරුත්තීන්ගේ නානා ස්වභාවය දැනගැනීමේ ඤාණය)

29. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පටිභානපටිසම්භිදේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ප්‍රතිභානයන්ගේ පැවති ඤාණය)

30. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විහාරට්ඨෙ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (විදර්ශනා ඤාණය)

31. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සමාපත්තට්ඨෙ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සමාපත්ති ඤාණය)

32. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විහාරසමාපත්තට්ඨෙ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (විහාර, සමාපත්ති ඤාණය)

33. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආනන්තරික සමාධි ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ආශ්‍රව සිඳ දමන ඤාණය)

34. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අරණවිහාරයේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සමවත් ඤාණය)

35. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සමාපත්ති ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (නිරෝධ සමාපත්ති ඤාණය)

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සාධු සාධු සාධු

විජ්ජාචරණ සම්පන්න ගුණය - 4
භාවනා පූර්ව කෘත්‍යය

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

1. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරිනිබ්බාන ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (පරිනිර්වාණ ඤාණය)

2. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සමසීසට්ඨෙ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (කෙලෙස් නිරෝධ කළ ඤාණය)

3. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සල්ලේ කට්ඨෙ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.(දුස්සීල බව සිඳලන ඤාණය)

4. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වීරියා රම්භ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( උත්සාහ ඤාණය)

5. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අත්ථසංදස්සන ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (නොයෙක් දේ ප්‍රකට කරන ඤාණය)

6. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දස්සන විසුද්ධි ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ධර්ම ප්‍රතිවේද ඤාණය)

7. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඛන්තී ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (රූපස්කන්ධ දැනගත් ඤාණය)

8. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරියෝගහනේ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අනිත්‍ය දැකීමේ ඤාණය)

9. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සදෙසවිහාරයේ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (වේදනාව පිඬුකොට සැලකීමේ ඤාණය)

10. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සඤ්ඤා විවට්ඨයේ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (නෙක්කම්ම ආදිය අධිඤා ඤාණය)

11. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චේතෝ විවට්ඨයේ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ආදින දැකීමේ ඤාණය)

12. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චිත්ත විවට්ඨෙ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (නෙක්ඛම්මයෙහි සිත පිහිටුවන ඤාණය)

13. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඤාණ විවට්ඨයේ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අනාත්මය දැකීමේ ඤාණය)

14. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විමොක්ඛ විවට්ඨයේ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (නීවරණ දුරුවීමෙන් නෙක්කම්මයෙහි පැවති ඤාණය)

15. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සච්ච විවට්ඨයේ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මහත් ඤාණය)

16. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඉද්ධිවිධ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ඉර්ධි ඤාණය)

17. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝත ධාතු විසුද්ධි ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ශබ්ද දැනගැනීමේ ඤාණය)

18. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චේතෝ පරිය ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අනුන්ගේ සිත දැකීමේ ඤාණය)

19. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අතීත සසර දැකීමේ ඤාණය)

20. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දිබ්බ චක්ඛු ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (දිවැස් ඤාණය)

21. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආසවක්ඛ්‍ය ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ආශ්‍රව නැතිකළ ඤාණය)

22. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුක්ඛේ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (දුක දැනගැනීමේ ඤාණය)

23. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සමුදයේ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (තණ්හාව ප්‍රහාණය කිරීමේ ඤාණය)

24. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධයේ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (නිර්වාණය අවබෝධ කිරීමේ ඤාණය)

25. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මග්ගේ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මාර්ග සත්‍යය අවබෝධ කිරීමේ ඤාණය)

26. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුක්ඛ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (දුක්ඛ සත්‍යයෙහි පැවති ඤාණය)

27. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුක්ඛ සමුදයේ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සමුදය සත්‍යයෙහි පැවති ඤාණය)

28. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුක්ඛ නිරෝධයේ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (නිරෝධ සත්‍යයෙහි පැවති ඤාණය)

29. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මාර්ග සත්‍යයෙහි පැවති ඤාණය)

30. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අත්ථ පටිසංභිදේ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අර්ථය දැනගැනීමේ ඤාණය)

31. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ධම්ම පටිසම්භිදේ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ධර්මය දැනගැනීමේ ඤාණය)

32. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරුත්තිපටි සමිහිදේ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (නිරුත්තිය දැනගැනීමේ ඤාණය)

33. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පටිභාන පටිසම්භිදේ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සියලු දේ දැන ගැනීමේ ඤාණය)

34. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඉන්ද්‍රිය පරෝ පරියත්තයේ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සත්වයන්ගේ ශ්‍රද්ධාදි ඉන්ද්‍රියන් දැනගැනීමේ ඤාණය)

35. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආසයානුසයේ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සත්වයන්ගේ කෙලෙසුන් දැනගැනීමේ ඤාණය)

36. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ යමක ප්‍රාතිහාර ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (යමක ප්‍රාතිහාර්ය ඤාණය)

37. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මහා කරුණා සමාපත්ති ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මහා කරුණා සමාපත්ති ඤාණය)

38. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සබ්බඤ්ඤුත ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සර්වඥතා ඤාණය)

39. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාවරණ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ආවරණ නැති ඤාණය)

40. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තෙසැත්තෑ ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (73 ක් වූ ඤාණය)

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සාධු! සාධු! සාධු!

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි මස 18 වැනි දා බදාදා පූර්වභාග 09.03 ට ලබයි. 19 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම  පෙබරවාරි මස 18 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 28 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]