UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඔවුනොවුන් අතර පවතින යුතුකම සහ වගකීම

ඔවුනොවුන් අතර පවතින යුතුකම සහ වගකීම

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සිඟාලෝවාද සූත්‍රයට අනුව සමාජය කොටස් කිහිපය කට බෙදා ඇති අතර ඒ අනුව ඒ ඒ අයගෙන් ඉටුවිය යුතු යුතුකම් පැහැදිලි කර දී ඇත. සමාජයේ පළමු කොටස මව්පියන්ය. මව්පියන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු යුතුකම් පහක් දක්වා ඇත.එනම් අයහපත් වැඩ වලින් දරුවන් වළක්වා ගැනීම, යහපතෙහි යෙදවීම, උසස් ලෙස ඉගැන්වීම, සුදුසු වයසේදී ආවාහ විවාහ කරදීම, සුදුසු ලෙස ධනය පවරා දීම මෙසේ යුතුකම් ඉටුකරන මව්පියන්ට දරුවන් විසින් කළ යුතු යුතුකම් මෙසේය

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සිඟාලෝවාද සූත්‍රයට අනුව සමාජය කොටස් කිහිපය කට බෙදා ඇති අතර ඒ අනුව ඒ අයගෙන් ඉටුවිය යුතු යුතුකම් පැහැදිලි කර දී ඇත. සමාජයේ පළමු කොටස මව්පියන්ය. මව්පියන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු යුතුකම් පහක් දක්වා ඇත. එනම් අයහපත් වැඩ වලින් දරුවන් වළක්වා ගැනීම, යහපතෙහි යෙදවීම, උසස් ලෙස ඉගැන්වීම, සුදුසු වයසේදී ආවාහ විවාහ කරදීම, සුදුසු ලෙස ධනය පවරා දීම. මෙසේ යුතුකම් ඉටුකරන මව්පියන්ට දරුවන් විසින් කල යුතු යුතුකම් මෙසේය. තමන්ගෙන් ඉටුවිය යුතු සෑම ක්‍රියාවක්ම ඉටු කරදීම පරපුර රැක ගැනීම, මව්පියන් දුන් ධනය ආරක්ෂාකර ගැනීම, මව්පියන් මිය ගිය පසු දන්දී පින් අනුමෝදන් කිරීම ආදිය වේ.

දෙවැනි කොටස ගුරුවරුන් ය. ගුරුවරුන් විසින් තම ශිෂ්‍යයන්ට ඉටු කළ යුතු යුතුකම් පහක් ඇත. එනම්, ශිෂ්‍යයන් මනාව හික්මවීම, ඉතා හොඳින් ඉගැන්වීම, ශිල්ප ශාස්ත්‍ර හා දැනුම ආකල්ප ලබා දීම, තම මිතුරන්ට ශිෂ්‍යයන් හඳුන්වාදීම, තම සිසු දරුවන් ආරක්ෂා කර ගැනීම.

ස්වාමි පුරුෂයා විසින් තම භාර්යාවට කරුණු පහකින් සැලකිය යුතුය. බිරිඳට ගරු කිරීම, බිරිඳට අපහාස නොකිරිම, කාමයෙහි වරදවා නො හැසිරීම, තම නිවසේ ප්‍රධානත්වය බිරිඳට භාරදීම, අලංකාර ඇඳුම් පැළඳුම් ගෙනත්දීම.

බිරිඳ විසින්ද තම සැමියාට කරුණු පහකින් සැලකිය යුතුය. එනම් තම නිවසේ කටයුතු මනාව සංවිධානය කිරිම, තම සැමියාගේ හිතමිතුරන්ට ඉතා හොඳින් සංග්‍රහ කිරීම, පරපුරුෂයන් සේවනය නො කිරීම, තම සැමියා සපයන ධනය ආදිය ආරක්ෂා කිරීම, තමාට පැවරී ඇති සියලු කටයුතු දක්ෂ ලෙස ඉටු කිරිම.

මිතුරා විසින් තම මිතුරන්ට කරුණු පහකින් සංග්‍රහ කළ යුතුය. එනම්, දුප්පත්, මිතුරන්ට අත්‍යවශ්‍ය දේ පරිත්‍යාග කිරීම. පි‍්‍රයවචනයෙන් ඇමතීම, මිතුරන්ගේ දෙලොව දියුණුව සඳහා කටයුතු කිරීම, සමානාත්මතාවයෙන් හැසිරීම, තම මිතුරන් නො රැවටීම , තමන්ට හොඳින් සලකන මිතුරන්ට කරුණු පහකින් සැලකිය යුතුය. එනම්, යහපතෙහි පමාවූ මිතුරා ආරක්ෂා කර ගැනීම ,තම මිතුරාගේ ධනය ආරක්ෂා කිරීම, තම මිතුරාට බියක් ඇතිවුනොත් පිහිටවීම, තම මිතුරාට විපතක් කරදරයක් ඇතිවුනොත් එයින් ඔහු බේරා ගත යුතුය.

ස්වාමියා විසින් තමන්ගේ වැඩ කරදෙන සේවකයන්ටද කරුණු පහකින් සැලකිය යුතුය.

එනම්, තම සේවකයන්ගේ කායික හා මානසික නිරෝගී භාවය අනුව, වැඩ නියම කළ යුතුය. තම සේවකයන්ට ආහාර වැටුප් නිසි පරිදි දීම. රසවත් ආහාරපාන දීම, තම සේවකයන් වයස් ගත වූ විට තම වැඩ කටයුතුවලින් නිදහස් කිරිම. මෙසේ සලකන තම ස්වාමියාට සේවකයන් විසින්ද කරුණු පහකින් සැලකිය යුතුය. එනම් ස්වාමියා අවදිවීමට පෙර සේවකයන් අවදිවිය යුතුය, ස්වාමියා නිදාගත් පසු සේවකයන් නිදා ගත යුතුය,ස්වාමියා දුන් දෙයින් සතුටු විය යුතුය, තමන්ට නියම කරන ලද වැඩ මනාව කළ යුතුය, තම ස්වාමියාගේ යහපත් ගති ගුණ අගය කළ යුතුය. දායකයන් විසින්ද ශ්‍රමණ බ්‍රාහ්මණ දෙපිරිසටම කරුණු පහකින් සැලකිය යුතුය. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වැඩ කටයුතු මෛත්‍රියෙන් කළ යුතුය, එම දෙපිරිස සමඟ මෛත්‍රියෙන් කථා කළ යුතුය, එම දෙපිරිස වෙත මෛත්‍රී සිතිවිලි ඇකි කරගත යුතුය, එම ශ්‍රමණ බ්‍රාහ්මණයන් පිණ්ඩපාතයේ වඩිනව, දුටුවිට තම නිවසේ දොර නොවැසිය යුතුය, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන්දිය යුතුය.

මෙසේ සලකන දායකයන්ට ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින්ද කරුණු හයකින් සැලකිය යුතුය. එනම් පව් නො කිරීමට උපදෙස් දීම, පින් කිරීමට උපදෙස් දීම, යහපත් චේතනාවෙන් දායකයන්ට අනුකම්පා කිරිම, නො ඇසූ ධර්මය කියාදීම, ඇසූ ධර්මය මතක්කරදීම, නිවන් දකින්ට මග කියා දීම.

මෙහි දක්වා ඇති ආකාරයට මවුපියන්ගෙන් දරවන්ට ඉටුවිය යුතු යුතුකම් පළමුව ඉටුවුන විට දරුවන් යහපත් ලෙස හැසිරෙයි. එය මවුපියන්ගේ ඉතා උතුම් යුතුකමකි. එවිට දරුවන් මව්පියන්ට මෙන්ම මුළු රටටම ආශිර්වාදයකි.

ගුරුවරයා විසින් සිසුන්ට හොඳට ඉගැන්වීමටද මනාව හික්මවා ගැනීමටද දෙමව්පියන්ගේ සහයෝගය අත්‍යාවශ්‍යය. එවිට යහපත් ශිෂ්‍ය සමාජයක් බිහිවෙනු ඇත.

අඹු සැමි දෙදෙනාගෙන් ඉටුවිය යුතු යුතුකම් මනාව ඉටුවන්නේ නම් එම නිවස දෙව් විමනක් හා සමාන වේ. සියලු සැප සම්පතින් පිරී තිබේ. ඔවුන් දෙදෙනා ආදරෙයෙන් ගෞරවයෙන් ජීවත්වන විට ගිහි ජීවිතය සැපවත් වෙයි.

කල්‍යාණ මිත්‍රයන් අපට හමුවන්නේ ඉතාම කලාතුරකින්ය. ඇතැම්විට වැඩිපුර ඉන්නේ පාපකාරි මිතුරන්ය.

නූතන සමාජයේ වැඩි පිරිසක් නොමග යන්නේ පවිටු මිතුරන් නිසාය. එම නිසා මෙහි පැහැදිලි කර ඇති ආකාරයට කල්‍යාණ මිතුරන් හඳුනාගෙන ඔවුන් ඇසුරු කරමු. එවිට අපගේ දෙලොවම යහපත් වෙයි. නූතන සමාජය දෙස බලන විට ස්වාමි සේවක දෙපිරිස අතර ගැටුම් ඇතිවන බව පෙනෙයි. එයට හේතුව දෙපිරිසෙන් ඉටු විය යුතු යුතුකම් මනාව ඉටුනොවන නිසා විය හැකිය. බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමය අනුව ස්වාමි සේවක දෙපිරිස තම තමන්ගේ යුතුකම් නිසිලෙස ඉටුකරන විට ගැටුම්. අවුල් ඇති නොවේ.ආයතන දියුණුවට පත්වෙයි.

භික්ෂූන් වහන්සේලා හා දායකයන් අතරද සමගිය, සමාදානය , ගිහි පැවිදි සම්බන්ධය ඇතිවීමටද දෙපිරිසෙන් ඉටු විය යුතු යුතුකම් මනාව ඉටුවේනම්, බුදු සසුන බැබලෙයි වෙයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් සමාජ කොටස් දොළහ ඔවුනොවුන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටුවන්නේ නම් අන්‍යෝන්‍ය සමඟිය ඇතිවන බව සිතාගත යුතුය.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි මස 18 වැනි දා බදාදා පූර්වභාග 09.03 ට ලබයි. 19 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම  පෙබරවාරි මස 18 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 28 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]