Print this Article


වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ ජන්ම සැමරුමට පින්කම්

වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ ජන්ම සැමරුමට පින්කම්

කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක 'අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ' වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ 79 වැනි ජන්ම දිනය මේ මස 20 වැනි දිනට යෙදී ඇත.

ජන්ම දිනය වෙනුවෙන් පෙබරවාරි 20 වැනිදා උදේ කිරිබත්ගොඩ රජයේ රෝහලේ සියලුම රෝගීන්ට ආහාර පානයෙන් සත්කාර කිරීමද, එදින දවල් උඩුපිල වෑබඩ වැඩිහිටි නිවාස දෙකක වෙසෙන වැඩිහිටියන්ට ආහාරපාන හා තවත් අවශ්‍ය දේ ලබාදීමද, සවස 3ට විද්‍යාලංකාර පිරිවෙනේ දී ආබාධිත වූ කිහිප දෙනෙකුට අවශ්‍ය උපකරණ ලබාදීම හා එදින රාත්‍රී දායකයන් හා ශිෂ්‍යයන් විසින් උන්වහන්සේ උදෙසා ආශිර්වාද බෝධි පූජාවක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

21 වැනිදා කැලණියේ දිප්පිටිගොඩ සුබෝධාරාම විහාරයේදී ආශිර්වාද පූජාවක්ද, 22 වැනිදා පඬුවස්නුවර ප්‍රදේශවාසීන් විසින් රුවන්වැලි මහා සෑයේදී කප්රුක් පූජාවක් පැවැත්වීමද, 23 වැනිදා ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස බෝධි පූජාවක්ද, එදිනම අනුරාධපුර ශ්‍රී නාග රාජමහා විහාරයේදී ගැබිනි කාන්තාවන් සඳහා විශේෂ සංග්‍රහයක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. 29 වැනිදා විජයපුර විදර්ශනා පිරිවනේ හැත්තෑපස් නමක් විෂයෙහි සාංඝික දානයකි.