Print this Article


භාවනාව වඩන කාන්තාවන්ට සංඝමිත්තාරාමයේ  දින 14 ක නේවාසිකව පුහුණුව

භාවනාව වඩන කාන්තාවන්ට සංඝමිත්තාරාමයේ  දින 14 ක නේවාසිකව පුහුණුවක්

සම්බුදු පියාණන්වහන්සේගේ ධර්මය වටහා ගත් කාන්තාවන් බුදු රදුන් සමයේත් ඉන්පසු සඟමිත් තෙරණින් වහන්සේගේ ලංකාගමනින් පසුව අපේ රටේත් බිහි විය. ජීවිතයේ අනිත්‍ය බව වටහාගෙන නිවීමක් අපේක්ෂා කරමින් සඟමිත් තෙරණිය ගිය මග යන්නට පෙරුම් පුරණ අපේ රටේ කාන්තාවන්ට තලවතුගොඩ වැලි පාරේ අංක 422 යන තැන ස්ථාපිත සංඝමිත්තාරාමය විවෘතව ඇත.

එම ස්ථානය භාරව සිටින ප්‍රධාන දසසිල් මෑණියන් පැවසුවේ ගිහි ජීවිතය ගත කරමින් භාවනාව වඩන කාන්තාවන්ට සංඝමිත්තාරාමයට පැමිණ දින 14 ක් නේවාසිකව මෙම කටයුත්තට සහභාගි විය හැකි බවත් වයස අවු. 15 – 35 අතර නිරෝගී අය දෙමාපියන් සමඟ හෝ භාරකරුවෙකු සමඟ පැමිණි විට සංඝමිත්තාරාමයට ඇතුළත් කර ගෙන වසර දෙකක් තුළ දී දහම් දැනුම ලබා දී පැවිදි කරන බවය. මෙම ස්ථානය වසර 25 කට ඉහතදී අපවත් වී වදාළ වලානේ අමිත ගවේෂි හිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ අතර දැනට දසසිල් මාතාවන් 28 දෙනෙකු සඳහා කුටි 14 ක් මෙම ස්ථානයේ ගොඩනඟා ඇති බව ප්‍රධාන සිල්මෑණියන් වන පිළියන්දල සංඛපාල මෑණියන් පැවසුවාය.