Print this Article


බුදු ගුණ භාවනාව

බුදු ගුණ භාවනාව

විජ්ජාචරණ සම්පන්න ගුණය

25. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සමනන්තර පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

26. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සහජාත පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

27.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ අඤ්ඤ මඤ්ඤ පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

28. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිස්සය පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

29.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උපනිස්සය පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

30. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පුරේජාත පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

31.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පච්චාජාත පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

32. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආසේවන පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

33. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කම්ම පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

34.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විපාක පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

35. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ආහාර පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

36. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ඉන්ද්‍රිය පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

37. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ධ්‍යාන පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වනසේක.

38.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ මග්ග පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

39. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සම්පයුක්ත පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

40. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ විප්පයුක්ත පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

41. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ අස්ථී පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

42. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නත්ථි පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

43. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විගත පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

44. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අවිගත පච්චය ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

මේ ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! මාගේ නමස්කාරය වේවා!

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සාධු! සාධු! සාධු!

විජ්ජාචරණ සම්පන්න ගුණය 03

භාවනා පූර්ව කෘත්‍යය

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේ ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (තෙසැත්තෑ ඤාණ)

1. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෘතමය ඤාණයෙන් සමන්නාගත විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (බණ ඇසීමේ ඤාණය)

2. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සීලමය ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සංවර වීමේ ඤාණය)

3. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සමාධි භාවනාමය ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සිත තැන්පත් කිරීමේ ඤාණය)

4. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ධම්මට්ඨිත ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ධර්මයන් බෙදා දැක්වීමේ ඤාණය)

5. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සම්මසන ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (පංචස්කන්ධය බෙදා දැක්වීමේ ඤාණය)

6. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උදයබ්බය ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (පංචස්කන්ධය මිඳීම දැකීමේ ඤාණය)

7. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විපස්සනා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අරමුණ බිඳෙන සැටි බැලීමේ ඤාණය)

8. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආදීනව ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (භය වශයෙන් වැටහීමේ ඤාණය)

9. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංඛාරුපේක්ඛා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සසරින් මිදෙනු කැමති ඤාණය)

10. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ග්‍රෝත්‍රභූ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මාර්ගඵල ආසන්න ඤාණය)

දුරුතු මස 27 වනදා පත්‍රය හා සම්බන්ධයි


බුදු ගුණ භාවනාව -විජ්ජාචරණ සම්පන්න ගුණය  (පළමු කොටස)