Print this Article


කතරගම කිරි වෙහෙරේ වාර්ෂික පින්කම

කතරගම කිරි වෙහෙරේ වාර්ෂික පින්කම

තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහ රහතන් වහන්සේලා සමඟ සමාපත්ති සුවයෙන් වැඩසිටි ලක්වැසි බෞද්ධ මහ ජනතාවගේ පූජනිය කේන්දාස්ථානයක් වන රුහුණු මහා කතරගම කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත පැළැන්දුව ඒ උතුම් දිනය සිහිපත් කරමින් කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති කොබවක ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි, කැප්පෙටිපොල ශ්‍රී සතර මහා දේවාලය මඟින් වාර්ෂිකව පවත්වන මහා පින්කම් මාලාව 45 වෙනි වරටත් මේ මස 26 – 27 යන දිනවල කිරි වෙහෙර අභියස දී පැවැත්වේ.

26 වෙනි දින අලුයම කැප්පෙටිපොළ සිට කතරගම කිරි වෙහෙර අභියසට ගොස්, එදින සවස අෂ්ටඵල මහා බෝධි පූජාව, මහා පහන් ආලෝක පූජාව, සර්ව රාත්‍රික පිරිත් ධර්ම දේශනාව ද, භක්ති හේවිසි පූජාව ද පවත්වා 27 වන දින හීල් දානය, දවල් දානය සඟසතු කොට පිළිගැන්වීම, ඊශ්වර ශ්‍රී ස්කන්ධකුමාර, ශ්‍රී ගණදෙවි, දැඩිමුණ්ඩ, පත්තිනි යන දෙවිවරු උදෙසා මුළුතැන් පූජාවක් ද පැවැත්වීම සිදුකරන අතර මෙම පින්කම් මාලාවේ නිර්මාතෘ වන අපවත්වී වදාළ නා හිමිපාණන් වහන්සේලාට පින් අනුමෝදනා කිරීම ද මියගිය සියලුම දෙනාට පින් දීම ද ජීවත්ව සිටින අයට ආසිරි පැතීම ද ජනාධිපතිතුමාට, ලක් රජයට, ත්‍රිවිධ හමුදාවට සෙත් පැතීම ද මෙම පින්කමට ඇතුළත් වේ.

එම පින්කම් මාලාව කැප්පෙටිපොල ශ්‍රී සතර මහා දේවාලයේ ප්‍රධාන සංවිධායක එන්.ඒ. කරුණාරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සංවිධානය කර ඇත.