Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මාතලේ මැටිහක්ක අලුත්වෙල ශ්‍රී මහින්දරාම පුරාණ විහාරය, රන්මුතුගම ශ්‍රී සරණතිස්සාරාමය යන උභය විහාරාධිපති ශාස්ත්‍රවේදී රන්මුතුගම සරණතිස්ස හිමියන් වෙත මාතලේ නැගෙනහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍රය පිරිනැමීමේ පුණ්‍යෙීත්සවය මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධ රක්ඛිත මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහනුවර අස්ගිරි මහා විහාර මංගල උපෝසථාගාරයේ දී පැවැත්විණි.
අභිනව නාහිමියන් අලුත්වෙල මහින්දාරාම පුරාණ විහාරයට පෙරහරින් වැඩම වූ අවස්ථාව.
ආරියරත්න ලියනගේ රත්තොට විශේෂ

මහනුවර අස්ගිරිය මහා විහාර කාරක මහා සංඝ සභාවේ මහෝපාධ්‍ය ශාස්ත්‍රවේදි රාජකීය පණ්ඩිත අමුණුපුර පියරතන නාහිමියන්ගේ 75 වෙනි ජන්මෝත්සවය නිමිත්තෙන් පවත්වන ලද දිඝාසිරි ප්‍රාර්ථනා කිරීමේ ආගමික වැඩසටහන අස්ගිරි පාර්ශ්වයේ අනුනායක මහියංගණ රජමහ විහාරාධිපති ගලගම,අත්ථදස්සි නාහිමිගේ ප්‍රධානත්වයෙන් විජයසුන්දරාරාම පුරාණ විහාරයේදි පැවැත්විණි. එම අවස්ථාවේදි අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රාජ මහ විහාරාධිකාරි පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති ශාස්ත්‍රපති වේඬරුවේ උපාලි ශ්‍රී දළදා මාලිගාවේ මෙවර තේවාව බාර නායක ස්වාමීන් වහන්සේ විසින් පියරතන නාහිමියන්ට ආසිරි පතා ප්‍රසාද පුජාව පැවැත්වූ අයුරු.
කේ, බණ්ඩාරනායක
 

මිනුවන්ගොඩ , අලුතැපොල ගණේකන්ද රජමහා විහාරාධිපති නැදලගමුවේ ධම්මදස්සී හිමියන්ගේ අනුශාසකත්වයෙන් රථවාහන මෙහෙයුම් බළකායේ මූල්‍ය දායකත්වයෙන් පාසැල් අවසාන වාර පරීක්ෂණයෙන් පළමු වන හා දසවන ස්ථාන අතර ස්ථාන ලබාගන්නා සතරපේරුවේ තෝරාගත් දරු දැරියන් 200 කට ආසන්න පිරිසකට වාර්ෂිකව පාසල් උපකරණ ලබාදීමේ මහෝත්සවය එම විහාරස්ථානයේ දී පැවැත් විණී.එහිදි ධම්මදස්සී හිමියන් විසින් සිසු දැරියක් වෙත තෑගි කට්ටලයක් ප්‍රදානය කළ අවස්ථාව. බර්ටි ලයනල්