UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්මා සම්බුද්ධ ගුණය

සම්මා සම්බුද්ධ ගුණය

මෙහි පස්වන කොටස දුරුතු පුර පසළොස්වක (04වනදා) පත්‍රයේ පළ විය

24. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “අනිදස්සන” (ඇසට නොපෙනෙන) නම් වූ නිර්වාණ අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

25.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ මෙසේද “අපලෝකිත” (නොසැලෙන) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

26. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, නිප්පඤ්ච” (තන්හාදිනැති) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

27. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “නිප්පංච” (තණ්හා දිට්ඨි මාන නැති) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

28. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “ශාන්ත” නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

29.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “සිසිලස” නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

30.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “ප්‍රනීත” නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

31. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “ඛේම” (උවදුරු රහිත) නම්වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

32. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “සිව“ (බය නැති) නම්වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

33.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,ඔබවහන්සේ”ලෞකික ධර්මයන්ගෙන් එතෙර වූ ලෝකෝත්තර” නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

34.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “අච්ඡරිය” (විශ්මජනක) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

35.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “අබිභූත” (අපූරු දහමක්) නම්වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

36.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කාමයෝග, භවයෝග, දිට්ඨියෝග, අවිජ්ජායෝග, නැත්තාවූ “අයෝග“ නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

37. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සියලු ආශ්‍රවයන් නැති කිරීමෙන් ලැබෙන්නා වූ “අනාශ්‍රව“ නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

38. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කාම මඟ, දිට්ඨිමඟ,අවිජ්ජා මඟ නැත්තා වූ, අවෝග“ නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. සම්මා සම්බුද්ධ වන සේක.

සෝ භගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ
සෝ භගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ
සෝ භගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ
සාදු! සාදු! සාදු!

තෙවෙනි කොටස

භාවනා පූර්ව කෘත්‍යයෙන් පසු මෙසේ සිතන්න

සාධු! සාධු! සාධු!

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද සම්මා සම්බුද්ධ වන සේක.

1. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුක්ඛ සත්‍යයද, සමුදය සත්‍යයද, නිරෝධ සත්‍යයද, මාර්ග සත්‍යයද අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

2. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “අබ්භූත” (අපූරු දහමක්) නම් වු නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

3. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ‘අනීතික” (නිදුක් ස්වභාවය ඇති) ධම්ම නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

4.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ (දුකක් නැති) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

5.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “අඛ්‍යාපජ්ඣ” (වෛරී නැති) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

6.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ‘සුද්ධි’ (ඉතා පිරිසුදු) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

7.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ‘මුක්ති” (දුකින් මිදුණු) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “දීප” (උතුම් දිවයින) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

9.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ “ලේන” (දුක්ඛ සත්වයාට ආරක්ෂිත) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

10.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “සරණ” (බිය නසන) නම් වු නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

11. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “තාන” (රැකවරණ ලැබෙන) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

12. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “අච්චන්ත” (සංසාරයේ කෙළවර) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

13.ස්වාමීනි,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ,’අකත’ (කිසිවෙකු නොකළ) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

14.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, “අනන්ත” (කෙළවරක් නැති) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

15. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “පරායන” (මහාපිහිටක්) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

16. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “මොක්ඛ” (දුකින් මිදෙන) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

17. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “නිබ්බාණ” (තෘෂ්ණාව ලිහිල්වන) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

18. ස්වාමීනි , භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ “අවිපරිණාම” (නොපෙරෙළෙන) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

19. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “විවට්ට” (සංසාර වට්ටයෙන් පැන ගිය) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

20. ස්වාමීනි,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “කේවල” (හුදකලා) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

21.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ “අකාලය” (ආලය රහිත) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

22. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “පද” (සැම යායුතු බැවින්) නම් වු නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

23. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “අච්චුත” (විනාශ නොවන) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

24.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “අක්ඛං” (නිමනොවෙන) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධවන සේක.

ඉතිරි කොටස දුරුතු අමාවක (ජනවාරි 20වනදා) පත්‍රයේ පළ වේ.

 

 

 දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි මස 13 වැනි දා අඟහරුවාදා පූර්වාභාග 02.17 ට ලබයි. 14 වැනි දා බදාදා පූර්වභාග 04.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 13 වැනි දා අඟහරුවාදාය.
 
මීළඟ පෝය
ජනවාරි 20 වැනි දා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 13

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]