UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 


මැදමහනුවර සඳගිරි දුනුවිල සඳගිරි තපෝවන පිරිවෙන් පුරාණ ලෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඤ්ඤා ලේඛකාධිකාරී ත්‍රිපිටක විශාරද රාජකීය පණ්ඩිත සමස්ත ලංකා පිරිවෙන් භාවනා ගුරු උපදේශක අංකුඹුරේ පේමවංශ නාහිමියන්ගේ 65 වන ජන්ම දිනය නිමිත්තෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ, පිරිවෙන් පාලක සභාවේ හා දායක සභාවේ එකමුතුවෙන් එම විහාරස්ථානයේදී පින්කම් මාලාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නා හිමියන් ප්‍රමුඛ වැඩම කළ භික්ෂූන් වහන්සේ 65 නමක් විසින් උපන් දිනය සැමරූ නා හිමියන්ට සෙත් පතා සෙත් පිරිත් සජ්ඣායනාවක් ද පැවැත් වූ අතර උන්වහන්සේලා සඳහා දවල් දානය පිරිනැමුණු අතර ප්‍රදේශයේ ගැබිනි මාතාවන් හා කිරි මව්වරුන් සඳහා වියළි සලාක හා දිවා ආහාරයද පිරිනැමුණි. මරණයට කැපවූ ගවයකුට අභය දානය දීමද එම උපන්දින උත්සවයේ දී සිදු විය.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ උපන්දිනය සමරූ නාහිමියන් විසින් දානමය පින්කමෙන් අනතුරුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නා හිමියන් වෙත පිරිකර පූජා කළ අයුරු ගැබිනි මාතාවන් සඳහා වියළි ආහාර අඩංගු ඇසුරුමක් ප්‍රදානය කළ අයුරු වම් පස සේයාරුවේ දැක්වේ.
 

මැදදුම්බර ශාසනාරක්ෂක බල ප්‍රදේශයේ මැදමහනුවර පේරකැටිය ශ්‍රී ජිනරතන බෞද්ධ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යනු ලබන ශ්‍රී ජිනරතන දහම් පාසලේ දරුවන්ට ත්‍යාග හා සහතික පිරිනැමීමේ උත්සවයක් එම විහාරස්ථානයේ දී පැවැත්විණි.
ශාස්ත්‍රවේදී පණ්ඩිත කීනපැලැස්සේ උපාලි ඥානිස්වර හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති එම දහම් පාසල් උත්සවයේ ත්‍යාග ප්‍රදානය සඳහා ප්‍රතිපාදන ලබා දෙන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා විසිනි.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම අවස්ථාවට සහභාගි වූ ලොහාන් රත්වත්ත මහතාගේ පුත් යොහාන් රත්වත්තේ මහතා විසින් දරු දැරියන් පිරිසකට ත්‍යාග පිරිනමනු ලැබීමෙන් අනතුරුව ඔවුන් සමඟ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. දහම් පාසලේ ප්‍රධානාචාර්ය පේරකැටියේ චන්ද්‍රරතන හිමියෝද ඡායාරූපයේ වෙති.

මරදාන, සුදුවැල්ල ශ්‍රී විනයාලංකාරාරාම විහාරස්ථ (බුරුම පන්සල) කාර්ය සාධක සමිතියේ ලේකම් ලේක්හවුස් සිළුමිණ අධිකරණ මාධ්‍යවේදිනී, සමථ නිලධාරිනී, සාමවිනිසුරු, නිශානී ලසිතා හේරත් බන්නැහැක මහත්මියගේ දැඩි කැපවීමෙන් එහි අභිනව බෝමළුව සහිත දෙමහල් අටවිසි සම්බුද්ධ මන්දිරය පසුගියදා පූජා කෙරුණි. එම සම්බුදු මැදුර ඉදිකිරීමට, නිශානි මහත්මිය විවිධ ආයතන, බැංකු, දානපතීන් විශාල පිරිසකගෙන් මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර ලබාදුණි. මුදලින් රුපියල් ලක්ෂ 06 පමණද රුපියල් ලක්ෂ 05 පමණ වටිනා ගොඩනැඟිලි ද්‍රව්‍යද ලබා දුන්හ. කොළඹ නාගරික මන්ත්‍රී දේශමාන්‍ය, සමන් අබේගුණරත්න මහතාගේ ආරාධනයෙන් පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා පළාත් සභාවෙන් රුපියල් ලක්ෂ 04 ක් ලබාදුණි. නාවල ව්‍යාපාරික පාලිත විතාන, රේණුකා උපසේන විතාන දම්පතීන් රුපියල් ලක්ෂ 09 ප්‍රතිපාදන ලබාදුණි. ශ්‍රී ලංකා ශ්වෙජින් නිකායේ මහා ලේඛකාධිකාරී කිරිඔරුවේ ධම්මානන්ද හිමියන්ගේ අධීක්ෂණය හා කම්මට්ඨානාචාර්ය හා කාරක සංඝ සභික කළුතර වනරතන හිමියන්ගේ මඟ පෙන්වීමෙන් බුදුමැදුර ඉදිකරන ලදී. කළුතර වනරතන හිමි, පාලිත විතාන රේණුකා උපසේන විතාන යුවල, රාජගිරිය ව්‍යාපාරික අමිල පෙරේරා මංජුලා පෙරේරා යුවල විශ්‍රාමලත් පොලිස් පරීක්ෂක ජී.ආර්. සෝමසිරි මහතා ඇතුළු පිරිසක් නාම පුවරුව නිරාවරණය කළ අවස්ථාව.
සේයාරුව - ධම්මික කළුආරච්චි

අම්පිටියේ ශ්‍රී රාහුල නා හිමිපාණන් වහන්සේ දෙසැම්බර් 25 වෙනිදා එකසිය එක්වියට පා තැබූහ. 1990 වසරේ උන්වහන්සේ විසින් අරඹන ලද අඹකොටේ තපෝවනය මඟින් ඉල්වානේ ආනන්ද හිමියන් සහ දායක පිරිස රාහුල නාහිමියන්ට කෘතවේදීව සෑම වසරකම දිගන පුනරුත්ථාපන රෝහලේ විශේෂ පින්කමක් සිදු කරති. ඒ සමඟම ගංගොඩවිල සෝම හිමියන්ගේද ගුණානුස්මරණය කරති. උන්වහන්සේලා දෙනම සිහිපත් කරමින් අඹකොටේ විහාරස්ථානයේ දායක පිරිස ඉකුත් මස 19 වැනිදා උදේ දවල් ආහාර වේල නේවාසික රෝගින්ට ලබාදුන් අතර රෝගින්ගේ ආහාර ද්‍රව්‍ය මහරගම රාජසේකර මහතා සහ එම මහත්මිය 60 වන විවාහ සංවත්සරය නිමිති කරගෙන ඒ සඳහා දායකත්වය දරන ලදී.
චන්ද්‍රා විජයසිංහ

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති 2014 කලා භූෂණ රාජ්‍ය සම්මාන උළෙලේ දී ප්‍රවීණ කිවිවර ගේය පදරචක සාහිත්‍යවේදී ඩබ්ලිව්.කේ.සරත් විමලසිරි මහතා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශ ලේකම් වසන්ත ඒකනායක මහතා අතින් කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.  ප්‍රවීණ කවියකු , ගේය පදරචකයකු සහ පුවත්පත් ලේඛකයකු වන ඔහු බෞද්ධ මනෝවිද්‍යා සහ සාහිත්‍ය දේශකයෙකි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය වන ශ්‍රද්ධාංජලී වැඩසටහන 12 වසරක් පුරා ඉදිරිපත් කර ඇත.


දමයන්ති ජයකොඩි මහත්මිය ලියූ “ගෞතම බුද්ධ චරිතය – 3 අසිරිමත් ශ්‍රී ගෞතම සම්බුද්ධ රාජ්‍යය” බෞද්ධ ග්‍රන්ථය පසුගිය පුන් පෝදා පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ දී කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් වෙත පිළිගැන්වූ අයුරු එම අවස්ථාවට ප්‍රකාශක දයාවංශ ජයකොඩි මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

 

 
 

 දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි මස 13 වැනි දා අඟහරුවාදා පූර්වාභාග 02.17 ට ලබයි. 14 වැනි දා බදාදා පූර්වභාග 04.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 13 වැනි දා අඟහරුවාදාය.
 
මීළඟ පෝය
ජනවාරි 20 වැනි දා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 13

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]