UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෛත්‍රීපාල සිරිසේන නව ජනාධිපතිතුමා සහ රනිල් වික්‍රමසිංහ නව අගමැතිතුමා ආශිර්වාද ලබමින්...

ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ හයවැනි ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ශ්‍රී පවන් මහතා ඉදිරියේ දී කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැති උත්සවයේ දී (09 වනදා ) දිවුරුම් දුන්නේ ය. ජනාධිපතිවරයා දිවුරුම්දීමේ අවස්ථාවෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හමුවේ එහිදී දිවුරුම් දීම සිදු කෙරිණි.

 


නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් සහ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහා නාහිමියන් (11 වනදා) බැහැදැක ආශීර්වාද ලබාගත් අයුරු. එදින පෙරවරුවේ මහනුවර ඓතිහාසික සිරිදළදා මාලිගාවට ගිය නව ජනාධිපතිතුමා සහ නව අගමැතිතුමා සිරිදළදා සමිඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබාගත්තේය.


නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් (ඉහළ සේයාරුව) සහ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහා නා හිමියන් විසින් ආශීර්වාද කළ අයුරු.

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගා භූමියේ සිට ජාතිය ඇමතූ අවස්ථාව.

එදින මහා නාහිමිවරුන් බැහැදැකීම සඳහා සහභාගි වූ නව ජනාධිපතිතුමා, නව අගමැතිතුමා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිතුමිය ඇතුළු පිරිස සේයාරුවේ වෙති.

 
 

 දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි මස 13 වැනි දා අඟහරුවාදා පූර්වාභාග 02.17 ට ලබයි. 14 වැනි දා බදාදා පූර්වභාග 04.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 13 වැනි දා අඟහරුවාදාය.
 
මීළඟ පෝය
ජනවාරි 20 වැනි දා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 13

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]