UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ තරුණ බෞද්ධ සංගමයෙන් පාසල් සංවර්ධන ව්‍යාපෘතියක්

කොළඹ තරුණ බෞද්ධ සංගමයෙන් පාසල් සංවර්ධන ව්‍යාපෘතියක්

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සමාජ සත්කාරක මෙහෙවරක් ලෙස දුෂ්කර පාසලක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කොට ඇත. මේ සඳහා තෝරාගෙන ඇත්තේ වැලිඔය පිහිටි සම්පත් නුවර ජාතික පාසලයි. මේ පාසලේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. වසර තුනක කාලයක් සඳහා විශේෂයෙන් 9, 10 සහ 11 වසර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීම සඳහා අවශ්‍ය අතිරේක ගුරුවරුන්, උපකරණ සහ අනෙකුත් පහසුකම් සැපයීම මෙම ව්‍යාපෘතියේ මූලික කාර්යය භාරයයි. මේ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් වෛද්‍ය ආටිගල භාරයෙන් දැරෙන අතර වැඩ කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 45 කි. දැනටමත් මෙම පාසලට ජලය සැපයීම සඳහා අවශ්‍ය කටයුතු කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් නිම කර ඇති අතර විද්‍යාගාර උපකරණ, කෘෂි විද්‍යා උපකරණ ගෘහ විද්‍යා උපකරණ සහ පොත්පත් රාශියක් පසුගිය දෙසැම්බර් මාසයේ දී ලබා දීමට පියවර ගැණිනි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය සහිතව ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා මහවැලි සංවර්ධන මණ්ඩලයේ වැලිඔය කාර්යාලයේත් 62 සේනා මූලස්ථානයේ හමුදා අයවළුන්ගේ සහයෝගය හිමි වේ. අවශ්‍යතාවය අනුව අතිරේක පන්ති පැවැත්වීම සඳහා අවශ්‍ය විද්‍යා, ගණිත සහ ඉංගී‍්‍රසි ගුරුවරුන් මෙන්ම, මූලික අදියරේ දී අවශ්‍ය අනිකුත් පහසුකම් ද සැපයීමට ව්‍යාපෘතිය කටයුතු කරනු ඇත. 2015 ජනවාරි මාසයේ නිල වශයෙන් මෙහි කටයුතු ආරම්භ කෙරෙන අතර ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපතිතුමාත්, ලේකම්තුමා ඇතුළු විධායක සභිකයින් සහභාගීවීමට නියමිතව ඇත. මෙය කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත මේ ආකාරයේ පළමු ව්‍යාපෘතිය වේ.

 

 දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි මස 13 වැනි දා අඟහරුවාදා පූර්වාභාග 02.17 ට ලබයි. 14 වැනි දා බදාදා පූර්වභාග 04.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 13 වැනි දා අඟහරුවාදාය.
 
මීළඟ පෝය
ජනවාරි 20 වැනි දා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 13

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]