Print this Article


ඇරැව්වල සිරි විජයසිරිවර්ධනාරාමයේදී අසදෘශ පිණ්ඩපාත දානමය පින්කමක්

ඇරැව්වල සිරි විජයසිරිවර්ධනාරාමයේදී අසදෘශ පිණ්ඩපාත දානමය පින්කමක්

දාන පාරමි දහම් සෙවන මඟින් සංවිධානය කරන අසදෘශ පිණ්ඩපාත චාරිකා මහා දානමය පින්කම පෙබරවාරි 14, 15 දෙදින තුළ පන්නිපිටිය ඇරැව්වල සිරි විජයසිරිවර්ධනාරාමයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.විහාරාධිපති අලුත්නුවර සුමනතිස්ස හිමියන් ගේ අනුශාසකත්වයෙන්, විහාරාධිකාරි සේනපුර නන්දරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.එම පිණ්ඩපාත චාරිකාව හා මහා දානය සඳහා සිව් පිරිසම සහභාගි වන අතර භික්ෂූන් වහන්සේලා 600, දසසිල් මෑණිවරු 100, උපාසක පිරිස 100 ක් හා උපාසිකා පිරිස 100 වශයෙන් සහභාගි වීමට නියමිතය බව දන්වා සිටී.