Print this Article


පිහිට පතයි

පිහිට පතයි

ඉඹුල්ගොඩ පදිංචි කේ.එල්.ඩී.එන්.අයි. දිල්හාන් මහතා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් ඔහුට “ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බවට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය රුෂික ඩී ලැනරෝලි මහතා නිර්දේශ කර ඇත. ඒ සඳහා එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියෙකු වේ නම් 071 8478432 දුරකථන අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


නො. 214/1, රොබට් ගුණවර්ධන මාවත, බටපොත, බත්තරමුල්ල, පදිංචි කේ.ඩී. රංජිත් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඒ මහතාට “බී හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහතා නිර්දේශ කර ඇත. ඔහු දෙදරු පියෙකි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු වෙත්නම් දුරකථන 0729770421 හෝ 071 7419467 අංකයන්ගෙන් වැඩි විස්තර විමසිය හැක. දැනට සතියකට දෙවරක් රුධිරය පවිත්‍ර කිරීමට සිදුව අති නිසා ඒ මහතාට මුදලින් ආධාර කිරීමට කැමැති අයකු වෙත්නම් බත්තරමුල්ල ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඔහුගේ බිරිඳ වන ජී.එස්.ආර්. පෙරේරා නමින් ඇති අංක 1 – 0080 – 02 – 7836 -0 දරන බැංකු ගිණුමට ඔබේ ආධාර බැර කළ හැක.


අංක 185/ සී / 03, දේවල පාර, තලංගම, කොස්වත්ත ලිපිනයේ පදිංචි පී.එස්. අමරදාස නමැත්තා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව නිර්දේශ කර ඇත. එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගශීලී අයෙකු වේ නම් 0777 537248 දුරකතනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


ගෝනපුර, ගෝකන්දර දකුණ, අංක 74/ ජී, හි පදිංචි පී.එම්.කේ. සිල්වා වසර 2 ක පමණ කාලයක සිට වකුගඩු රෝගයෙන් පෙළේ. මාස 4 ක පමණ සිට ජයවර්ධනපුර රෝහලේ දී සතියකට දෙවරක් රුධිර කාන්දුකරණය සිදු කරයි. මේ නිසා ඒ සඳහා ඔහුට සතියට ඖෂධ හා ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වේ. සැත්කම සඳහා විශාල මුදලක් අවශ්‍යව ඇත. ඔහුට “ඕ පොසිටිව් හෝ ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබාදීමට පරිත්‍යාගශීලියකු වේ නම් හා ආධාර මුදලක් ලබා දීමට කැමති අයෙක් වේ නම් දුරකථන අංක 071 7798531 හෝ 0115 688 236ට දැන්විය හැක. ගිණුම් අංක 20 8200 18000 4134 මහජන බැංකුව හෝකන්දර ගිණුමට මුදල් බැර කළ හැක.