Print this Article


ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ නව ලේකම්

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ නව ලේකම්

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ නව ලේකම්වරයා වශයෙන් ජී.ආර්. චන්දන කුමාර කඩිගමුව මහතා පත්ව සිටී,අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු වශයෙන් සේවය කරන ඒ මහතා සිංහල, පාලි, සංස්කෘත ආදී ප්‍රාචීන භාෂාවන් පිළිබඳව ප්‍රාමාණික උගතෙකු වන අතර රාජකීය පණ්ඩිතෝපාධියද ලබාගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා සභාපතිත්වය දරන ප්‍රාචීන භාෂෝපකාර සමාගම 1902 වර්ෂයේ ජූලි මස 24 වෙනි දින එවකට අධ්‍යාපන අධ්‍යක්ෂවරයාව සිටි එස්.එම්. බරෝස් මහතා විසින් ආරම්භ කරන ලදී.