Print this Article


උත්තමාභිවන්දනා 2014

උත්තමාභිවන්දනා 2014

ස්වභාවික සෞන්දර්යයෙන් හෙබි ගල් ලෙන් විහාර සහිත කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික ඇඹුල්ගම රාජමහා විහාරයේ අනුහස් සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමේ අරමුණින් උත්තමාභිවන්දනා 2014 වැඩසටහන සංවිධානය කර ඇත.

එළඹෙන නව වසර සඳහා ශ්‍රී ලංකාවාසීන්ට සාමය සතුට සෞභාග්‍ය උදාකිරීම වස් ධාතුන් වහන්සේලා වන්දනා කිරීම, විශේෂ විශ්ව ශක්ති පූජා හා දේව පූජා, පෙරහර මංගල්‍යයන් පවත්වා මෙම වසර තුළ සිදුකරන ප්‍රථම මහා ආගමික පුණ්‍යකර්මය ජනවාරි මස 11 වෙනිදා සිට 17 වෙනිදා දක්වා පුරා සතියක් පැවැත්වීමට ඇඹුල්ගම රාජමහ විහාර සංවර්ධන කමිටුව කටයුතු යොදා ඇත.