Print this Article


සෙත් සිසිල බෝධි පූජා පින්කම

 සෙත් සිසිල බෝධි පූජා පින්කම

සෙත් සිසිල බෝධි පූජා මාලාව, රුහුණු රට භික්ෂු පෙරමුණ හා භික්ෂු සංවිධාන එකමුතුව ඒකාබද්ධව ජනාධිපතිතුමන් ඇතුළු සියලු රටවැසියන්ට සෙත් පැතීම සඳහා බෝධි පූජා වැඩසටහන් මාලාව මුළු දිවයින පුරා ස්ථාන 121 කට නොඅඩුව පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති බව රුහුණු රට භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් ඕමාරේ කස්සප නා හිමියන් දන්වා සිටියි.

ජනවාරි 02 වැනිදා පස්වරු 5 ට හොරොව්පතාන තුන්බෝධි මහ විහාරය, දුහුල්ලෑව ගොරකුඹුර ශ්‍රී සුමංගලාරාමය, වැල්ලවත්ත ශ්‍රී සරණබෝධි විහාරය, රත්නපුර, මුවගම, විසුද්ධාරාම පිරිවෙන, පස්වරු 6 ට දියබෙදුම කටුකුලිහව ශී‍්‍ර පි‍්‍රයදර්ශනාරාමය, 3 වැනිදා පස්වරු 6 ට රාජගිරිය විජයාශ්‍රම විහාරය. මහරගම නාවින්න රජමහා විහාරය, කුරුවිට කීරගල බෝසත් සමාධි ධර්මායතනය, 4 වැනිදා පස්වරු 5 ට මිනුවන්ගොඩ වතුමුල්ල සුගතසාසනාදර විහාරය, පස්වරු 6 ට රත්නපුර ශ්‍රී සුමනාරාමය එම පින්කම පැවැත්ෙවි .