Print this Article


ශ්‍රී බෝධි මළු විහාරය

ශ්‍රී බෝධි මළු විහාරය


නියංගොඩ සමිද්ධි මංගල නා හිමියන් සහ වරකාපිටියේ සරණ හිමි


චෛත්‍යය

මහනුවර සිට ශ්‍රීමත් කුඩාරත්වත්තේ මාවතේ කිලෝමීටර් 2 ක් පමණ ගිය තැන හමුවන ශ්‍රී බෝධි මළු මහා විහාරය බොදු ජනතාවගේ සිත් පහන් කරන මාහැඟි දර්ශනීය විහාරස්ථානයකි.

1920 දී ආරම්භ කර ඇති මෙම විහාරයේ ඉන්දියාවෙන් ගෙන්වන ලද රෝස තිරිවානාවලින් මෙරට කලාශිල්පීන් විසින් නිර්මාණය කරන ලද බුදු පිළිම වහන්සේලා නෙත්කළු දර්ශනයක් මවාපායි. බුදුමැදුරේ ඉතා අලංකාර අයුරින් වැඩසිටින මෙම පිළිම වහන්සේලා ගණනින් දොළොසකි. අඩි 5 ක් උස දර්ශනීය කරඬුවක්ද මෙහි දක්නට ලැබෙයි. මෙම විහාරයේ ආදි කර්තෘ ලේවැල්ලේ සීලරතන නාහිමියෝය.

උඩරට අමරපුර මහනිකායේ අධිකරණ සංඝනායක නියංගොඩ සමිද්ධි මංගල හිමියෝ වත්මන් විහාරාධිපති ධුරය දරති. ශාස්ත්‍රපති පණ්ඩිත නියංගොඩ සමිද්ධි මංගල නා හිමිපාණන්ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස මෙම විහාරස්ථානයට නවාංග එකතු කොට දර්ශනීය විහාරයක් බවට පත්කොට ඇත. මෙම විහාරස්ථානයේ පවත්වාගෙන යන සිරි සිදුහත් දහම් පාසලේ සිසුන් 250 ක් පමණ දහම් අධ්‍යාපනය හදාරයි. දහම් පාසලේ ආදි ශිෂ්‍ය සංගමය මගින් රෝද පුටු පරිත්‍යාග කිරීම පේරාදෙණිය හා මහනුවර මහ රෝහල් සඳහා රෝද පුටු පරිත්‍යාග කිරීම කිරි ගවයින් 14 දෙනෙකු නිදහස් කිරීම ලක්ෂ 35 ක් වටිනා භාණ්ඩ පරිත්‍යාග කිරීමද සිදු කොට තිබෙන බව විහාරාධිකාරි ගෞරව ශාස්ත්‍රවේදී වරකාපිටියේ සරණ හිමියෝ පවසති. වයිට්හවුස් ආයතනයේ අධිපති කොඩිතුවක්කු ආරච්චි මහතා මෙම විහාරයට විශාල මුදලක් පරිත්‍යාග කොට ඇත.