Print this Article


බුලත්සිංහල ශ්‍රී දේවමිත්තාරාම පුරාණ විහාරස්ථානයේ පෙරහර

බුලත්සිංහල ශ්‍රී දේවමිත්තාරාම පුරාණ විහාරස්ථානයේ පෙරහර

බුලත්සිංහල ශ්‍රී දේවමිත්තාරාම පුරාණ විහාරයේ (මහ පන්සල) පෙරහර මේ මස 28 වැනිදා සිට දෙසැම්බර් 07 වැනිදා දක්වා පැවැත්වේ. සෑම දිනකම සවස 5.15 බෝධි පූජාවක්ද, රාත්‍රි 7ට දම් දෙසුමක් පැවැත්වේ. 28 වැනිදා මකුරුප්පේ සෝමාලංකාර හිමියන් ද, 29 වැනිදා නෙළුවේ සුමනවංශ හිමියන්ද, 30 වැනිදා මානකඳුරේ පඤ්ඤාසාර හිමියන්, 01 වැනිදා දෙදියවල තිලකසිරි හිමියන්, 02 වැනිදා සවස 6.30 ට ගම්භාර දේවාල පෙරහරද, 03 වැනිදා රාත්‍රී 7 ට මල් පෙරහරද, 04 වැනිදා රාත්‍රී 7ට මල් පෙරහරද, 05 වැනිදා රාත්‍රි 7 ට පාවාඩ පෙරහරද 06 වැනිදා රාත්‍රී 7 ට රන්දෝලි පෙරහරද, පැවැත්වෙන බව ශ්‍රී දේවමිත්තාරාම පුරාණ විහාරස්ථාන දායක සභාව පවසයි.