Print this Article


ජනපති ජන්ම සමරු ලේක්හවුස් පින්කමෙන්

ජනපති ජන්ම සමරු ලේක්හවුස් පින්කමෙන්
 

කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරයේ සිට පුද පෙරහරෙන් සධාතුක කරඬුව ප්‍රධාන මහ සඟරුවන පිරිත් දේශනාව සඳහා වැඩම කරවූ අවස්ථාව.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා විසින් සධාතුක කරඬුව වෙත පිරිත් දේශනාවේදී පුෂ්ප පූජාව සිදු කරමින්.මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමියන් සහ විතාරන්දෙණියේ මේධානන්ද හිමියෝ ද සේයාරුවේ වෙති.

ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතා සංඝගත දක්ෂිණාවේදී සධාතුක කරඬුව තැන්පත් කළ අවස්ථාව

සංඝගත දක්ෂිණාවේදී මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමියන් අනුශාසනාව සිදු කරමින්...

සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රවණය කළ පිරිසෙන් කොටසක්. ලේක්හවුස් සභාපතිතුමා, මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත්, නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර, ආයතනයේ සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා ඇතුළු පිරිස මෙහි වෙති.

ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර මහතා, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත්, නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසෙන් කොටසක් සේයාරුවේ වෙති