Print this Article


ජනාධිපති ජන්ම සැමරුම

ජනාධිපති ජන්ම සැමරුම

සෝමවතී රජමහා විහාරය

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ වැඩ වෙසෙන ඓතිහාසික සෝමවතී රාජමහා විහාරස්ථාන පරිශ්‍රයෙහි නිපුන සහල් නිෂ්පාදන පෞද්ගලික සමාගමේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් ඉදි කරන ලද දෙමහල් ධර්මශාලා මන්දිරය ජනාධිපතිතුමාගේ දහවැනි පදවි ප්‍රාප්තිය හා 69 වන ජන්ම දිනය සමරා මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශවයේ පරම පූජනීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහාසඟරුවනේ ආශිර්වාදයෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමැතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ මස 23 වැනි දින පෙරවරුවේ විවෘත කෙරේ.


සීනිගම දේවාලය

යුද ගිනි නිවා සාමය දිනූ දේශයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 69 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් මේ මස 18 වෙනි දින පෙරවරු 10 ට මහා සංඝරත්නය 69 ක් විෂයෙහි පිණ්ඩපාත දානමය පින්කමක් හා පස්වරු 6ට දේවාශිර්වාද පූජාව හා පන්දම් ආලෝක පූජාවක් සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ භාරකාර සරත් දිසෙන්තුවාහන්දි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.