Print this Article


සම්මාභිමානී ආගමික වැඩසටහන

සම්මාභිමානී ආගමික වැඩසටහන

දැහැමි ගතිගුණවලින් සපිරි මිනිස් පරපුරක් බිහිකිරීමේ අරමුණින් රට පුරා දැවැන්ත ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට රජය තීරණය කර ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදස් මත උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් මෙහෙයවන එම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි. පසුගිය වසර 50 ක කාලයක් පුරා මේ රටේ ජනතාව අතර ජාති, ආගම්, පාට, පටුභේදවලින් ඔවුන්ගේ මනස කිලිටි වී පැවැතුණි. විවිධ අවස්ථාවල විවිධ ගැටුම්, අපරාධ ඇතිවීමට එම මානසික තත්ත්වයන් හේතුවෙයි. ඒ මානසික තත්ත්වය වෙනස් කර මිනිස් සිත සන්සුන් කර ඔවුන්ගේ ජීවිතය එක්තරා දැහැමි චරිතයක් බවට පත්කර ඉදිරි අනාගතය යහපත් කරවීමේ මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙයි. යුද්ධයට පසු මේ රට තුළ දැවැන්ත සංවර්ධනයක් සිදුවෙමින් පවතී. රටේ එම සැළසුම්වලට අනුව ජනතාවට ඉදිරියේදී අගහිඟකම්වලින් තොර ජීවිතයක් ගොඩනගාගත හැකි තත්ත්වයක් තිබේ. ඒ අතර ඔවුන්ගේ ජීවිතය යහපත් එකක් බවට පත්වන විට රට තුළ සිදුවෙන විවිධ අපරාධ, දූෂණ, වංචා, හිරිහැර, අඬදබර ඇතුළු දෑ තුරන් වෙයි.

මේ වැඩසටහන සාර්ථකව සිදු කිරීමේ වගකීම ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාව වෙත බාරවී ඇත. උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදුකෙරෙන සියලු වැඩසටහන් සඳහා රටේ ප්‍රසිද්ධ ස්වාමින්වහන්සේලා රැසකගේ දායකත්වය ලැබෙයි. මේ මස 25,26,27 වැනිදා මොණරාගල නගරයේ මෙම වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.