Print this Article


අ.පො.ස. (සා. පෙළ) විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014 බුද්ධ ධර්මය -1 අභ්‍යාසය - 04

අ.පො.ස. (සා. පෙළ) විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014 බුද්ධ ධර්මය -1 අභ්‍යාසය - 04

වඩාත් නිවැරැදි පිළිතුර තෝරා ලකුණු කරන්න

01. “මහණෙනි චේතනාව කර්මය යැයි කියමි”.යන අරුත් ප්‍රකාශ වන පාලි පාඨය ඇතුළත් සූත්‍රය වන්නේ,

(1) නිබ්බේධක සූත්‍රයයි (2) ව්‍යග්ගපජ්ඣ සූත්‍රයයි (3) චුල්ලකම්ම විභංග සූත්‍රයයි (4) චක්කවත්තිසීහනාද සූත්‍රයයි

02. බුද්ධකාලීන වජ්ජි සමූහාණ්ඩුවේ ස්ථාවර බව පැවතීමට හේතුවූයේ

(1) දස රාජ ධර්ම නිසාය (2) දස සක්විතිවත් නිසාය (3) සප්ත අපරිහානීය ධර්ම නිසාය (4) සතර සංග්‍රහ වස්තු නිසාය

(03) බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී වදාළ අයුරින් දිවා රෑ පින් වැඩෙන පින්කමක් වන්නේ,

(1) බුදුරජාණන් වහන්සේට පැන් පූජා කිරීමයි (2) භික්ෂූන්ට සෙනසුන පූජා කිරීමයි (3) බෝධීන් වහන්සේට බෝධි පූජා කිරීමයි (4) රුක් උයන් මල් ගොමු හා ඒ දඬු පාලම් තැනීමයි

04. පරිසර හිතකාමියකු ලෙස බුදු දහමින් පෙන්වා දෙනු ලබන්නේ.

(1) තුරුලතා ආරක්ෂා කරන්නාය (2) ජීව අජීව ලෝක විෂයෙහි හිතානුකම්පී පුද්ගලයාය. (3) ජීවින් ආරක්ෂා කරන්නාය. (4) පරිසරයට අපද්‍රව්‍ය මුදා හරින්නාය.

(05) නැවත නැවත මේ සසරේ මැරි මැරි උපදින ක්‍රියාවලිය නතර කිරීමටය

(1) රහත් විය යුතුය (2) පින් කළ යුතුය (3) දෙව් ලොව ඉපදිය යුතුය (4) බඹසර රැකිය යුතුය

06. කර්මය හා කර්ම විපාක පිළිබඳ හොඳින් විස්තර දැක්වෙන සූත්‍රය වන්නේ,

(1) මහා සීහනාද සූත්‍රය (2) නිබ්බේදක සූත්‍රය (3) චුල්ලකම්ම විභංග සූත්‍රය (4) ධජග්ග සූත්‍රය

07. නිර්වාණ අවබෝධය හා පුද්ගල ලෞකික දියුණුව සඳහා පූර්වාංගමවීමේ කරුණ නම්,

(1) සම්මා කම්මන්තයයි (2) සම්මා දිට්ඨියයි (3) සම්මා වායාමයයි. (4) සම්මා ආජීවයයි

08. “පරාධීනභාවයෙන් මිදීමට නම් ජාතික අවශ්‍යතාව අප රට තුළින්ම සපුරා ගත යුතුය” යැයි ඉදිරිපත් කළේ

(1) ඩී.එස්. සේනානායක මැතිතුමාය (2) ටී.බී. ඉලංගරත්න මැතිතුමාය (3) අනගාරික ධර්මපාලතුමාය (4) ඕල්කට්තුමාය .

09.පුද්ගල සන්තානගත ක්‍රෝධය සහ වෛර සිතිවිලි පාලනය කර ගත හැකි වන්නේ,

(1) අධිෂ්ඨාන පාරමිතාවෙනි (2) ශාන්ති පාරමිතාවෙනි (3) උපේක්ෂා පාරමිතාවෙනි (4) වීර්ය පාරමිතාවෙනි

10. වෛර කරන මිනිසුන් අතර අපි වෛර නොකර සුවසේ ජීවත් වෙමු. මේ අදහස් ඇති ගාථාව වන්නේ,

(1) නහී වේරේන වේරාණි (2) අසාරේ සාර මතිනො (3) සුසූඛංවත ජීවාම (4) යථා සංඛාර ධානස්මින්

11. “භවත්නි හඬ නොකරව් මේ මහණ ගොයුම් එයි.ඒ. ආයුෂ්මත් තෙම නිහඬ බව කැමැත්තේය” ආදි වශයෙන් නිහඬ බවේ වැදගත්කම කියා දෙන ලද්දේ

(1) සකුලුදායි පිරිවැජියා විසින්ය (2) පොට්ඨපාද පිරිවැජියා විසින්ය (3) උපාලි ගෘහපතියා විසින්ය (4)සෝණ දණ්ඩ බමුණා විසින්ය

12. මිනිස් වර්ගයා අතර පහළ වු අති ශ්‍රේෂ්ඨ පුරුෂෝත්තමයාණන් බුදුරජාණන් වහන්සේය. මෙසේ ප්‍රකාශ කළේ.

(1) එච්.ජී. වේල්ස් පඬිවරයාය (2) එඩ්වින් ආර් නෝල්ඩ්ය (3) රාධා ක්‍රිෂ්ණන්ය (4) අබ්දුල් අතාහිලාය

13.බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මයේ සාරය ඇතුළත් ධර්ම රසයෙන් අනූන ග්‍රන්ථයකි. ධම්ම පදය මෙය ත්‍රිපිටකයේ ඇතුළත් වන්නේ,

(1) දීඝනිකායටය (2) මජ්ක්‍ධිම නිකායටය (3) ඛුද්දක නිකායටය (4) අංගුත්තර නිකායටය

14. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත පද්මාකාර ජීවිතය නමින් හඳුන්වනු ලබන්නේ

(1) නිවැරැදි සමාජයේ නිවැරැදිව ජීවත් වීමය

(2) පියුමක් සේ පිරිසුදුව ජීවත් වීමය

(3) සමාජයේ වැරැදි දකිමින් නිහඬව ජීවත් වීමය

(4) වැරැදි බහුල සමාජයේ නිවැරැදිව ජීවත් වීමය

15. සමථ භාවනාවේදී අරමුණු මෙනෙහි කිරීම සඳහා යොදා ගත හැකි කමටහන් ගණන

(1) විස්සකි (2) දොළහකි (3) හයකි (4) හතළිහකි

16.හේතුඵල දහම අනුව අනුලෝම වශයෙන් හා පටිලෝම වශයෙන් මෙනෙහි කිරීමේදී අනුලෝම පටිච්ච සමුප්පාද ධර්ම තුළ නොගැළපෙන හේතු ඵල දහම වන්නේ,

(1) අවිජ්ජා පච්චයා සංඛාරා (2) විඤ්ඤාණ පච්චයා නාම රූප (3) සලායත පච්චයා වේදනා (4) වේදනා පච්චයා තණ්හා -

17.පටිච්ච සමුප්පාද න්‍යායට අනුව දිළින්දන්ට ධනෝපායන මාර්ග නොමැති නිසා විවිධ සමාජ ප්‍රශ්න ඇතිවෙන අයුරු පෙන්වා දෙන සූත්‍රය වන්නේ,

(1) චක්කවත්ති සීහ නාද සූත්‍රයයි (2) මහාපරිනිබ්බාන සූත්‍රයයි (3) සිඟාලෝවාද සූත්‍රයයි (4) මහානිදාන සූත්‍රයයි

18. බෞද්ධයාට අදාළ මූළික පිළිවෙත පංච ශීලයයි. එය රැකීමෙන් බලාපොරොත්තු වන්නේ,

(1) සතුන් නොමරා අන්සතු දේ නොගෙන ජීවත් වීමයි

(2) පුද්ගල හා සමාජ සංවර්ධන ඇති කිරීමයි

(3) අන් අයට කරදරයක් නොවී ජීවත් වීමයි

(4) නිර්වාණය අවබෝධ කර ගැනීමයි

19. කාලා රස මුසු භෝජන කර පෙම්

ගාලා සුවදැති සඳුනුත් මනරම්...... යනුවෙන් සාරධර්මයන්ගෙන් තොරව...... පිළිබඳ කියැවෙන මේ කරුණ ඇතුළත් වන්නේ,

(1) සුභාෂිතයෙහිය (2) බුදුගුණ අලංකාරයෙහිය (3) ලෝවැඩ සඟරාවෙහිය (4) ගුත්තිලයෙහිය

20. සිඟාලෝවාද සූත්‍රයෙහි සඳහන් පරිදි දකුණු දිශාවෙන් නියෝජනය වන්නේ,

(1)සේවකයෝය (2) මව්පියෝය (3) මිතුරෝය (4) ගුරුවරුන්ය

පිළිතුරු

01.(1) නිබ්බේධක සූත්‍රයයි

02.(3) සප්ත අපරිහානීය ධර්ම නිසාය

03.(4) රුක් උයන් ගොමු හා ඒ දඬු පාලම් තැනීමයි

04.(2) ජීව අජීව ලෝක විෂයෙහි හිතානුකම්පී පුද්ගලයාය

05.(1) රහත් විය යුතුය

06. (2) නිබ්බේදක සූත්‍රය

07.(2) සම්මා දිට්ඨියයි

08.(3) අනගාරික ධර්මපාලතුමාය

09. (2) ශාන්ති පාරමිතාවෙනි

10. (3) සුසූඛංවත ජීවාම,

11.(2) පොට්ඨපාද පිරිවැජියා විසින්ය

12.(4) අබ්දුල් අතාහිලාය

13 (3) ඛුද්දක නිකායටය

14.(4) වැරැදි බහුල සමාජයේ නිවැරැදිව ජීවත් වීමය

15.(4) හතළිහකි

16. සලායත පච්චයා වේදනා

17. (1) චක්කවත්ති සීහ නාද සූත්‍රයයි

17.(1) චක්කවත්තී සීහ නාද සූත්‍රයයි

18.(2) පුද්ගල හා සමාජ සංවර්ධන ඇති කිරිමයි

19.(3) ලෝවැඩ සඟරාවෙහි

20. (4) ගුරුවරුන්ය