Print this Article


පිහි‍ට පතයි

පිහි‍ට පතයි

රාගම, හොරපේ අංක 87/ඒ හි පදිංචි අනුලා අබේනායක දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට ඒ පොසිටිව් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශයයි. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන 071-3597277 හෝ 071-7725787 දන්වන ලෙසද ඇයගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් ඔබගේ ආධාර ගිණුම් අංක 316200180026499 (ම්.ඹ්.ඩ්. රංග සෙනෙවිරත්න) මුදල් බැර කළ හැක.

 


මහරගම, දහම්මාවත,අංක 48 හි පදිංචි ආර්.ඒ.ඩී. ඩිලානි රණසිංහ (24) දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට ‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය නිර්දේශයයි. පරිත්‍යාගශීලියෙකු වේනම් දුරකතන අංක 0777795747 හෝ 0727107107 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

 

 


රඹුක්කන හේවාදිවෙල මාලිගාතැන්න හි පදිංචි ආර්.ජී. ප්‍රනාමි සෙනෙත්මා (අවු. 1 1/2ක්) දියණියගේ කර්ණ ශංඛ බද්ධය සැත්කම සඳහා විශාල මුදලක් වැය වන බව පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය එච්.එම්. එස්.බී. ඇතුල්ගම මහතා පවසා ඇති බව කියයි.

 

 


මෙම මුදල ඔවුන්ට තනිවම දැරීම ඉතා අපහසු බව දන්වන අතර එම සැත්කම සිදුකර දියණිය සුවපත් කර ගැනීම සඳහා ආධාරය බලාපොරොත්තු වෙයි. ආධාර ආර්.පී.ප්‍රණාමි සෙනෙත්මා පෙරමුණ ගිණුම් අංකය – 8730029790 (ඉතිරි කිරීමේ ගිණුම) පේරාදෙණිය කොමර්ෂල් බැංකුවට – බැරකළ හැක. වැඩි විස්තර 072-4301766 (මව) 072-6145727 (පියා) විමසිය හැක.


පානදුර, දිබ්බැද්ද පාර අංක 34/D/2 හි පදිංචි එස් මන්දිරා (16) පානදුර උපාධ්‍යාය විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. ඇය කශේරුකා වක්‍ර වීම (Scoliosis)  නමැති රෝගයට ගොදුරු වී ඇත. ඇය සුවකිරීමේ ශල්‍යකර්ම ඉන්දියාවේ චෙන්නායි හි ඇති ඇපලෝ රෝහලේදී සිදු කිරීමට නියමිත අතර ඒ සඳහා විශාල මුදලක් වැය වෙතැයි දන්වයි. මැයගේ පියා රියදුරෙක් වන අතර මව රැකියාවක් නොකරයි. ඔබගේ පරිත්‍යාග ඔවුන් අපේක්ෂා කරන අතර වැඩි විස්තර දුරකථන 0766614839 අංකයෙන් විමසිය හැක. ගිණුම් අංක පානදුර සම්පත් බැංකුවේ 1026533345328 හෝ පානදුර කොමර්ෂල් බැංකුවේ 8410027192 ගිණුම්වලට මුදල් බැරකළ හැක.


වත්තල මාබෝල ප්‍රදේශයේ පදිංචි 46 වියැති බී.පී.උඩුගම මහතා අක්මා ආබාධයකින් පෙළෙන බව හෙළිවී ඇත. දරුවන් දෙදෙනෙකුගේ පියකු වන ඔහුට මෙම රෝගී තත්ත්වයෙන් මිදීම සඳහා වයස අවුරුදු 45ට අඩු කි.ග්‍රෑ. 65-70 බරකින් යුතු ඒ පොසිටිව් වර්ගයේ රුධිරයැති නිරෝගී පුද්ගලයෙකුගේ අක්මාවකින් කොටසක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය සංජීව ආර්යසිංහ මහතා නිර්දේශ කර ඇතැයි කියති. මේ සඳහා අක්මාවකින් කොටසක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු වෙතොත් 0777-281513 දුරකථන අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියෙකු සඳහා “O” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යවී ඇත. පරිත්‍යාග කිරීමට කැමති අයෙක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකයන්ට අමතන්න. දුරකථන අංක – 0775963395/0711240414


ලුණුවිල, බෝතලේගම සෝමසිරි රත්නායක දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට ‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය නිර්දේශය යි. පරිත්‍යාගශීලියෙකු වේනම් දුරකතන 0777613929 හෝ 0773032626 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


දෙනියාය, පල්ලේගම, අළුඕවිට වත්ත හි, පදිංචි ටී.ජේ.සුදේශ් චන්දන (35) දැනට වසර කීපයක සිට දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර, ඔහුගේ දකුණූ පස වකුගඩුව ශල්‍යකර්මයක් මගින් ඉවත් කර ඇත. අනෙක් වකුගඩුවද ශීීඝ්‍රයෙන් අක්‍රිය වන බැවින් ඒ සඳහා හැකි ඉක්මණින් ශල්‍යකර්මයක් සිදු කළ යුතු බව, කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරු පවසා ඇති අතර ඊට විශාල මුදලක් වැය වන බවද පවසයි. ආර්ථික දුෂ්කරතා රැසක් මධ්‍යයේ දිවි ගෙවන ඔහුට උපකාරයක් අපේක්ෂා කරයි. ආධාර මුදල් මහජන බැංකුව, දෙනියාය ශාඛාවේ ගිණුම් අංක 132200140015248 වෙත බැර කරන ලෙසත් වැඩිදුර විස්තර 0778659672/0725013688/0713799794 විමසන ලෙසත් ඉල්ලීමක් කරයි.

 


කොළඹ 13, කොටහේන වීදිය අංක 97 හි පදිංචි එන්.එස්.සිවයොගන් දරුණූ වකුගඩු රෝගයෙන් පෙළේ. ඔහුට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍යව තිබේ. පරිත්‍යාගශීලීන් වේ නම් දුරකතන අංක - 0722787116 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ .


වකුගඩු දෙකම ක්‍රියා විරහිත තත්වයේ පසුවන දැනට කොළඹ ජාතික රෝහලේ වකුගඩු සායනයේ ප්‍රතිකාර ලබන දෙදරු පියෙකුට බද්ධ කිරීම සඳහා බී හෝ ඕ පොසිටිව් රුධිර වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය කර තිබේ. පරිත්‍යාගශීලියෙකු වේ නම් 0724382427 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.